මෙරට දිගු දුර ධාවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට කෙන්යාවෙන් පුහුණුවක්

207

මෙරට මැදි දුර සහ දිගු දුර ධාවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා කෙන්යාවෙන් පුහුණුව ලැබීමට අවස්ථාව ලබා දීමට තමන් කටයුතු කරන බව කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටී. එ් අනුව පසුගියදා කෙන්යානු ක‍්‍රීඩා අමාත්‍යවරිය සමග නාමල් රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවක ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම අවස්ථාව ලබාගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.

පසුගිය දින කිහිපය තුළ ශ‍්‍රී ලංකාව හා කෙන්යානු රාජ්‍යය අතර ද්විපාර්ශ්වික හා ජන සමාජ අතර මිත‍්‍රත්වය වර්ධනය කරගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගි වූ අමාත්‍යවරයා, විශේෂයෙන්ම එහිදී කෙන්යානු ක‍්‍රීඩා අමාත්‍යවරිය වන ආචාර්ය අමීනා මොහොමඞ් මහත්මිය සමග මෙරට මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ කුසලතා මට්ටම තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡුා කළේය.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ශ‍්‍රී ලංකාව හා කෙන්යාව අතර ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ සම්පත් මෙන්ම ප‍්‍රවීණයන්ගේ අත්දැකීම් ද හුවමාරු කරගනිමින් සහයෝගයෙන් ක‍්‍රියා කිරීමට එකඟත්වය පළවිය. ඒ අනුව, මෙම වසර අවසානයේ හෝ ලබන වසරේ මුල් කාර්තුව තුළ මධ්‍ය සහ දිගුකාලීන පුහුණුවීම් සඳහා ශ‍්‍රී ලාංකික මැදි දුර සහ දිගු දුර ධාවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 10 දෙනකු කෙන්යාව බලා පිටත් කර යැවීමට නියමිතව තිබේ.

ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ දස්කම් දක්වන මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට නිසි පුහුණුව හා නිරන්තර දිරිගැන්වීම් ලබාදෙමින් ඔවුන්ගේ දක්ෂතා ඔප මට්ටම් කරගැනීමට ඉඩ ප‍්‍රස්ථාව සලසාදීමේ අරමුණින් මැදි දුර සහ දිගු දුර ධාවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම අවස්ථාව ලබාගැනීමට අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment