මෙරට පක්‍ෂි විශේෂ 81 ක් වඳවී යෑමේ තර්ජනයට ලක්වෙලා – පරිසර ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ

124

මෙරට පක්‍ෂි විශේෂ 244 කින් විශේෂ 81 ක් වඳවීමේ තර්ජනයට ලක්වී ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙසේ වඳවීමේ තර්ජනයට ලක්වූ පක්‍ෂි ගහනය යථා තත්ත්වයට පත්කිරීමට වැඩසටහන සහිත න්‍යායපත්‍රයක් සකසා ක්‍රියාකාරී සැලැස්මක් දියත් කරන බව ද ඒ මහතා කීවේය.

මෙරට පක්‍ෂි විශේෂ 81 ක් වඳවී යෑමේ තර්ජනයට ලක්වෙලා - පරිසර ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ

පරිසර ඇමැති නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට පක්‍ෂීන්ගේ සංරක්‍ෂිත තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කරන ලද ජාතික රතුදත්ත ලේඛනය එළිදැක්වීමේ අවස්ථාවේදී ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

මහාචාර්ය දේවක වීරකෝන් මහතා ද එම අවස්ථාවට එක්ව සිටි අතර එහිදී අදහස් දැක්වූ පරිසර ඇමැති නසීර් අහමඩ් මහතා රතු ලැයිස්තුව ජීවී විශේෂයක පැවැත්ම උදෙසා සංරක්‍ෂණ ක්‍රියාදාමයකට ප්‍රවිශ්ට කරලීමක් බැවින් ඊට රජය උපරිම සහය දෙන බව කීවේය.
අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment