මෙරට පළමු ඔමික්‍රොන් ආසාදිතයාගේ සියලූ ආශ‍්‍රිතයන්ට පී.සී.ආර්. කරනවා – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

104

නයිජීරියාවේ සිට පැමිණ මෙරටදී හඳුනාගත් ප‍්‍රථම ‘ඔමික්‍රොන්’ ආසාදිත කාන්තාව ඇසුරු කළ ආශ‍්‍රිතයන් සියලූදෙනාගේ පී.සී.ආර්. පරීක්‍ෂණ ඉදිරි දින කීපය තුළදී සිදුකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ ට ඊයේ (05 වැනිදා) පැවසීය.

ඇය පැමිණි ගුවන් යානයේ පිරිස්, කටුනායක ගුවන් තොටුපලේදී ඇයට ආවරණ වූ පිරිස් මෙන්ම ඇයගේ සැමියා ඇතුළු නිවසේ හා ඒ අවට ආශ‍්‍රිතයන් පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක්කිරීමට නියමිත බව ද හෙතෙම කීය.

නයිජීරියාවේ සිට මෙම කාන්තාව පැමිණ තිබුණේ

පසුගිය 24 වැනිදාය. 25 හැවිරිදි මෙම කාන්තාව මාරවිල ප‍්‍රදේශයේ පදිංචිකාරියක ද වන අතර ඇයව තවදුරටත් පරීක්‍ෂණවලට ලක්කෙරෙමින් සිටින බව ද මෙම කාන්තාවගේ ආශ‍්‍රිතයන් තවත් සිටී ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලමින් පවතින බව ද ඒ මහතා කියා සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment