මෙරට පැතිරෙන ඩෙල්ටා අනු ප‍්‍රභේදය AY28 ලෙස නම් කරයි

108

ශ‍්‍රී ලංකාවේ සුලභව පැතිර යන ඩෙල්ටා කොරෝනා වෛරසයේ අනු ප‍්‍රභේදය AY28 ලෙසින් නම් කර ඇතැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ ෙසෙල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මෙම අණු ප‍්‍රභේදය මුලින්ම හඳුනාගනු ලැබූවේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ ෙසෙල ජෛව විද්‍යා අධ්‍යයන අංශය විසිනි.

මෙම ඩෙල්ටා ප‍්‍රභේදය දැනට හඳුන්වන්නේ 1.617.2.287ලෙසිනි. මෙම අනු ප‍්‍රභේදය සහිත සාම්පල 382ක් ලෝකයේ විවිධ රටවලින් හමුවී ඇතත් ඉන් 228 ක්ම ශ‍්‍රී ලංකාවෙන් හමුවීම විශේෂත්වයක් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය කළ පරීක්ෂණවලට අනුව මේ රටේ පැතිර යන වෛරසවලින් සියයට 95 කට වැඩි ප‍්‍රමාණයක් ඩෙල්ටාය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment