මෙරට පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මියයෑම ගැන මානව හිමිකම් කොමසාරිස් පරීක්ෂණයක් ඉල්ලයි

169

ශ‍්‍රී ලංකා පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් මියයාම ගැන කඩිනම් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය ප‍්‍රකාශ කරයි.
 
 මෙරට පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මියයෑම සහ පොලිසිය හා අපරාධ කල්ලි සාමාජිකයන් අතර ඇතිවන ගැටුම්වලදී පුද්ගලයන් මියයෑම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව මහකොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය කියයි.
 
 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන සැසිවාරය අමතමින් ඇය මේ කරුණු ප‍්‍රකාශ කර තිබේ.
 
 ලබන සැප්තැම්බර් මාසයේ දී එම කටයුතුවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා අතර ශ‍්‍රී ලංකා රජය සමඟ තවදුරටත් එක්ව කටයුතු කරන බව මිෂෙල් බැෂෙලේ මහත්මිය ප‍්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment