මෙරට මැහුම් ක්ෂේත්‍රය ආශ්‍රිතව කුසලතා සහ ව්‍යවසායකත්වය වර්ධනය කරන සිංගර් ෆැෂන් ඇකඩමියේ කතාව

182

ශ්‍රී ලංකාව පුරා ජනතාවට මැහුම් කලාව ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට පහසුකම් සපයමින්, මැහුම් ක්ෂේත්‍රයට මෙන් ම නිවාසවලටද නැතිවම බැරි නිෂ්පාදනයක් බවට පත් වී ඇති සිංගර් මහන මැෂිම සිංගර් (ශ්‍රී ලංකා) යන නාමය මෙන්ම දශක ගණනාවක් පුරා මෙරට ජන සිත් සතන් තුළ මුල් බැසගෙන ඇති බව පැවසුවහොත් එය නිවැරදිය. සිංගර් සමාගම දශක හයකට වැඩි කාලයක් තිස්සේ සිය වෙළෙඳනාමය යටතේ, ශ්‍රී ලංකාව තුළ මහන මැෂින් නිෂ්පාදනයේ නිරත වන අතර, ලොව ප්‍රථම සිග් – සැග් මහන මැෂිම සහ පළමු ඉලෙක්ට්‍රොනික මහන මැෂිම ඇතුළු මහන මැෂින් නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව්‍යකරණයන් රැසක් සිය සන්නාමය යටතේ ලොවට දායාද කිරීමට එම සමාගම සමත් වී ඇත.

සිංගර් (ශ්‍රී ලංකා) සමාගමට අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ඉන්ඩස්ටී්‍රස් සමාගම සම්ප්‍රදායික, අතේ ගෙන යා හැකි මෙන් ම ඩිජිටල් යනාදී සියලුම මාදිලි යටතේ මහන මැෂින් නිෂ්පාදනය කරයි. මෙම නිෂ්පාදන ක්‍රියාවලිය මගින් සිය කර්මාන්තශාලා තුළ සේවක සේවිකාවන් 100 කට අධික පිරිසකට සෘජු රැකියා අවස්ථා සපයන සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම, පුද්ගලයින් 150 කට පමණ වක්‍ර ලෙස රැකියා පහසුකම් සපයයි. සාම්ප්‍රදායික මහන මැෂින්, සාමාන්‍ය මැස්ම සහිත මහන මැෂින් සහ සිග් – සැග් මහන මැෂින් වශයෙන් කොටස් දෙකකින් යුක්ත වන අතර, අතේ ගෙන යා හැකි සහ ඩිජිටල් මහන මැෂින් නවීනතම නිෂ්පාදනයන් ලෙස පාරිභෝගික ජනතාව වෙත පහසුකම් සළසයි. ඊට අමතරව සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම මහන මැෂින් එකලස් කිරීම සහ මහන මැෂින් සඳහා ආධාරක උපාංග නිෂ්පාදන කාර්‍යයෙහි ද නිරත වන බව පැවසිය යුතු ම කරුණකි.

මහන මැෂින් ආධාරක උපාංග වන ස්ටෑන්ඩ් සහ කැබිනට් 100% ක් දේශීයව නිෂ්පාදනය කිරීම සිදු කරන සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම මහන මැෂින් නිෂ්පාදන ක්ෂේත්‍රය ආශ්‍රිතව සිය ජීවනෝපායන් ගොඩනඟාගෙන ඇති දේශීය සැපයුම්කරුවන් වෙත ද සහයෝගය ලබා දීම සිදු කරයි. එමෙන් ම සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම, මහන මැෂින් නවෝත්පාදනය වෙනුවෙන් ශක්තිමත් පර්යේෂණ හා සංවර්ධන අංශයකින් ද සමන්විත වේ. සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම විසින් නිපදවනු ලබන සියලු ම මහන මැෂින් නිෂ්පාදන, එම සමාගමේ මව් සමාගම වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම සිය ප්‍රදර්ශනාගාර 431 වෙත බෙදා හැරීම සිදු කරයි. වර්තමානය වන විට සිංගර් සමාගම දේශීය මහන මැෂින් ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස කටයුතු කරමින්, 85% ක වෙළෙඳපොළ ප්‍රතිශතයක් අත්පත් කරගැනීමට සමත් වී ඇති අතර, මහන මැෂින් සම්බන්ධ තාක්ෂණික සහාය ලබා දීම සඳහා දිවයින පුරා පිහිටි සිය සේවා මධ්‍යස්ථානවල විශේෂ සේවා කාර්මිකශිල්පීන් අනුයුක්ත කර තිබීම සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම පාරිභෝගික ජනතාව වෙත ලබා දෙන පහසුකම් අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන ඇත. ඊට අමතරව සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම පවත්වාගෙන යන YouTube නාලිකාව මගින් සිය පාරිභෝගික ජනතාව වෙත තාක්ෂණික දැනුම සම්ප්‍රේෂණය කිරීම වෙනුවෙන් වීඩියෝ 130 කට අධික ප්‍රමාණයක් මුදාහැර ඇති බව ද සඳහන් කළ යුතු ම කරුණකි.

advertistmentadvertistment
advertistmentadvertistment