මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවූ ට්‍රෝලර් යාත‍්‍රා 2ක ඉන්දීය ධීවරයෝ 12ක් – නාවික හමුදා අත්අඩංගුවට

102

මන්නාරමට දකුණු දෙසින් වූ ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි තවත් ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා 2ක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 12 ක් නාවික හමුදාව විසින් 19දා අත් අඩංගුවට ගෙන තිබේ.

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවූ ට්‍රෝලර් යාත‍්‍රා 2ක ඉන්දීය ධීවරයෝ 12ක්  - නාවික හමුදා අත්අඩංගුවට

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් මන්නාරම දකුණු මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතික ධීවරයින් ක්ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂණ සඳහා යොමු කිරීමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින අතර, ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට විදෙස් ධීවරයින් ඇතුළුවී සිදුකරනු ලබන අනවසර ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබයි.

මේ අතර එදිනම යාපනයේ ඩෙල්ෆ්ටදූපතට ආසන්න මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 43 දෙනා යාපනය කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව මේ මස 31 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට විනිසුරුවරයා කළ නියෝගයක් මත ඔවුන්ව යාපනය බන්ධනාගාරයේ රඳවා තිබේ.

දිනසේන රතුගමගේ

 

advertistmentadvertistment
advertistmentadvertistment