මෙරට සියලු ජනතාව එක මවකගේ දරුවන් ලෙස ජීවත්වනු දැකීම අපේක්‍ෂාවයි

80

සියලු දෙනාටම පිළිගත හැකි විසඳුමක් උතුරට ලබාදීමට කටයුතු කරනවා – ජනපති වවුනියාවේදී කියයි

උතුරේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමේදී සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලුම ජනතාව ඒකරාශී කරගනිමින් එම විසඳුම් ලබාදීමට තමන් සූදානම් බවත් 75 වන නිදහස් දින උළෙලේදීවත් මෙරට සියලු ජනතාවට එක මවකගේ දරුවන් ලෙස ජීවත්වීමට හැකිවේවායි තමා ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක කෙරෙන උතුරු පළාත් සංවර්ධන විශේෂ ඒකක උප කාර්යාලය වවුනියාවේදී (19දා) විවෘත කරමිනි.

බොහෝ කලක් උතුරේ මෙන්ම දකුණේ ජනතාවද විවිධ හේතූන් මත දුක්විඳි බවත් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවැසීය.

වවුනියා දිස්ත්‍රික්කයේ රජයේ සේවක නිවාස යෝජනා ක්‍රමයේ නිවාසලාභීන් 120 දෙනෙකුට නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය යටතේ සංකේතාත්මකව 30 දෙනෙකු වෙත හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම සහ උතුරේ පැවැති යුද ගැටුම් හේතුවෙන් දේපළ අලාභ හානි සඳහා වන්දි හිමිකම් හිමි 96 දෙනකුගෙන් 12 දෙනෙකු වෙත සංකේතාත්මකව මුදල් පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

මෙරට සියලු ජනතාව එක මවකගේ දරුවන් ලෙස ජීවත්වනු දැකීම අපේක්‍ෂාවයි
ජනපති මන්නාරමේ නිරීක්‍ෂණ චාරිකාවක
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20දා) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරිත විය. මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබිණි.
මන්නාරම නගරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුවෙන්ම මන්නාරම ඕලන්ද කොටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීය. අනතුරුව නඩුකුඩා ධීවර ගම්මානයේ සංචාරයක නිරතවූ ජනාධිපතිවරයා ධීවර ප්‍රජාව සමඟ සුහද කතා බහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසීය. නඩුකුඩා ධීවර ගම්මානයේ වැසියන් මුහුණදී ඇති ගැටලු රැසක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳ කඩිනමින් සොයා බලා අවශ්‍ය විසඳුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
මන්නාරම සුළං බලාගාරය ඉදිකරන ප්‍රදේශයද නිරීක්‍ෂණය කළ ජනාධිපතිවරයා සුළං බලාගාරයේ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලූ අතර බලාගාර ප්‍රදේශයේ ජනතා ගැටලු විමසීමටද අමතක නොකළේය.

වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා පොහොර බෙදාදීම සංකේතවත් කරමින් ගොවීන් කිහිප දෙනෙකුට පොහොර බෙදාදීම ද සංකේතාත්මකව සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මේ කාර්යාලයේ ඉදන් උතුරේ ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. කාදර් මස්තාන් ඇමැතිවරයා කිව්වා හැමදේම යාපනයට විතරයි ලබා දෙන්නේ කියලා. ඔන්න දැන් වව්නියාවේත් කාර්යාලයක් විවෘත කරල තියෙනවා. ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු මෙම කටයුතු සඳහා සම්බන්ධ වනවා. අමාත්‍යාංශවල නිලධාරීනුත් මෙම කාර්යාලයට ඇවිල්ලා උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කටයුතු කරයි කියල මම විශ්වාස කරනවා. සියලුම ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ලබාදිය යුතුයි.

ත්‍රස්තවාදයෙන් ඇතිවූ ප්‍රශ්න සහ උතුරු ජනතාවට තිබෙන ප්‍රශ්නවලට අපි විසඳුම් ලබාදිය යුතුයි. ඒ වගේම මුස්ලිම් ජනතාවට ශ්‍රී ලංකා සමාජයේ තමන්ට තිබෙන අයිතිය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. කඳුකරේ ජනතාවටත් විවිධ ප්‍රශ්න තිබෙනවා. මෙම ප්‍රශ්න සියල්ල විසඳන්න ඕනෙ කියලා සමාජ මතයක් තියෙනවා.

ඒ නිසා මේ සියලු ගැටලුවලට විසඳුම් ලබාදෙන්න මේ හොඳම කාලයයි. මේ ප්‍රශ්නවලට ක්‍රමානුකූලව විසඳුම් ලබාදිය යුතුයි. මේ ගැන සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සමඟ සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. රට බෙදන්නේ නැතුව ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මම බලාපොරොත්තු වෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා

2015 දී උතුරේ ජනතාවට විසඳුම් ලබාදෙන බව සුමන්තිරන් මන්ත්‍රීතුමා කිව්වා. නමුත් කුමක් හෝ හේතුවක් නිසා උතුරේ ජනතාවට විසඳුම් ලැබුණේ නෑ. දැන් ගිය දේ ගියා. අපි ඉදිරියට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරමු. දෙමළ ජාතික සන්ධානය මෙවැනි ආකාරයට නම්‍යශීලී වීම පිළිබඳ අපි සතුටු වෙනවා. ඒකේදීත් මෙවැනි ආකාරයෙන් අපි එකතුවෙලා වැඩ කළොත් දෙමළ ජනතාවගේ මෙන්ම රටේ ගැටලුවලට විසඳුම් ලබාදීමට අපට හැකියාව තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා

මේ ඓතිහාසික අවස්ථාව ගැන බොහොම සතුටුයි. උතුරේ සංවර්ධනය සම්බන්ධයෙන් මෙවැනි කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා

උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ජනාධිපතිතුමා අගමැතිවරයාව සිටියදී කටයුතු කරල තිබෙනවා. 2015 දී ඔබ අගමැතිවරයා ලෙස උතුරේ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් ලබාදෙන්න කටයුතු කළා. නමුත් එහිදී සිදුවූ යම් යම් අඩුපාඩුකම් නිසා එය ලබාගැනීමට අපට හැකියාව තිබුණේ නැහැ. අද ඔබතුමා ජනාධිපතිවරයා වෙලා තිබෙනවා. ඒ නිසා උතුරේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදෙනු ඇතැයි අපිට විශ්වාසයක් තිබෙනවා. ඔබතුමාගේ වැඩපිළිවෙළට අපේ සහාය ලබාදෙන ගමන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුලසිංහ තිලීබන්, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජ්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී. ඒ. සරත්චන්ද්‍ර යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment