මෙරට හමුදාව යෙදවීම ගැන ඇමරිකාව ඇහැ ගහගෙන

342

ශ්‍රී ලංකාව තුළ හමුදාව යෙදවීම පිළිබඳව තමන් සමීපව නිරීක්ෂණය කරන බව ඇමෙරිකානු රජය නිවේදනය කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වීමෙන් පසු ඇතිව තිබෙන තත්ත්වය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වඩා හොඳින් නිරීක්ෂණය කරන බව එහි ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය නරක අතට හැරීම ගැන රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයාගෙන් මාධ්‍යවේදියකු කළ විමසීමට පිළිතුරු වශයෙන් මේ කරුණු හෙළිකර ඇත.

සාමකාමී විරෝධතාවලට එල්ල වූ ප්‍රහාර ගැන පරීක්ෂණ පවත්වා ප්‍රචණ්ඩකාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් නෙඩ් ප්‍රයිස් පවසා තිබේ.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment