මෙල්බර්න් හා සිඞ්නි නගර ලොක්ඩවුන්වලට එරෙහිව උද්ඝෝෂණ

380

ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් හා සිඞ්නි යන නගරවල වැසියන් පිරිසක් විසින් එම නගර අගුලූ දැමීමේ නීති රීතිවලට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂනයන් මැඩ පැවැත්වීමට යෑමේදී පොලිසිය හා උද්ඝෝෂකයන් අතර හටගත් ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 07 දෙනකු තුවාල ලබා තිබේ. 4000ක් පමණ දෙනා මෙම උද්ඝෝෂණයන්ට සහභාගි වී ඇති අතර පොලිසිය විසින් කලහකාරී ලෙස හැසිරුණු උද්ඝෝෂකයන් 218 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙල්බර්න් හා සිඞ්නි  නගර ලොක්ඩවුන්වලට  එරෙහිව උද්ඝෝෂණ


‘‘ඩෙල්ටා’’ ප‍්‍රභේදය පැතිරීම පාලනය කිරීම සඳහා බලධාරීන් විසින් පනවා ඇති දැඩි අගුලූ දැමීමේ නීති රීතිවලට විරෝධය පාමින් මෙම උද්ඝෝෂණයන් පැවති අතර අගුලූ දැමීම මාසයකින් දීර්ඝ කර ඇති සිඞ්නි නගරයේ පැවති උද්ඝෝෂණයන් මැ`ඩපැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් 1000ක් පමණ දෙනා එක් වූ බව වාර්තා වේ. මෙල්බර්න් නගරයේ පැවති උද්ඝෝෂණයන්ට සහභාගි වුවන් කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් විවේචනය කර ඇති මෙල්බර්න් නගරය අයත් වන වික්ටෝරියා ප‍්‍රාන්තයේ පොලිසිය පවසා ඇත්තේ උද්ඝෝෂකයන් ඇතැමෙකු සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදුණද බහුතරය කලහකාරී ලෙස හැසිරුණු බවයි. අත්අඩංගුවට පත් වූ උද්ඝෝෂකයන්ගෙන් කොරෝනා මර්දන නීති රීති උල්ලංඝනය කිරීමේ වරදට ඔස්ටේ‍්‍රලියානු ඩොලර් 5452 ක දඩයක් බැගින් දඩ මුදල් අය කර ගන්නා බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment