මෙවර අවුරුද්ද ඔබට, රටට බලපාන්නේ කෙසේද?

2175

රාශි චක‍්‍රයේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වීම සිංහල අලූත් අවුරුද්ද ලෙස හැඳින්වේ. 2022 අපේ‍්‍රල් 14 පෙ.ව. 8.41 ට යෙදෙන තත්කාල කේන්ද්‍රය දිනය ගුරු දින – නැකත පුවපල්, පුරතෙළෙස්වක තිථිය යෝගය වෘද්ධි, කරණය කෞලව, දෙර්කාණය 22 මේෂ – කුජ – සිකුරුගේ දශා කාලයක්. බාධක ග‍්‍රහයා ශනි – ආත්මකාරක ග‍්‍රහයා රවි. මේ ආදී වශයෙන් සිංහල අලූත් අවුරුද්ද උදා වුණේ.

මෙතැන් සිට රටට සහ ඔබට! ඔබේ ජන්ම කේන්ද්‍රය ඔබේ ග‍්‍රහ පිහිටීම් අනුව අඩු වැඩි විය හැක. රටට මෙම ග‍්‍රහ පිහිටීම කෙසේද බැලූවොත් බරපතළ විපර්යාසයකට පෙරළෙයි. මෙතෙක් පැවති වාසනාව රටේ නායකත්වය දරන අයට අහිමි වෙයි. රටේ ප‍්‍රධාන පුටුවක් දරන කෙනකුගේ මරණය සිද්ධ වෙයි. විශේෂයෙන් දේශපාලනඥයන්ගේ වැඩපිළිවෙළ නොපිට පෙරළෙයි. අමුතු අනාගතයකට මුහුණ දෙන්නට සිදු වේ. මහජනයාගේ අප‍්‍රසාදය කෙළින්ම දේශපාලඥයන් වෙත එල්ල වෙයි. මහජනයාගේ අප‍්‍රසාදය නිසා ගෙදර යන්නට පවා සිදු වේ. ගෙදරට ද හිර ගෙදරට ද තීරණය වන්නේ අනිකුත් ග‍්‍රහ පිහිටීම් අනුවයි. රාජ්‍ය සේවයේ යෙදී සිටින ප‍්‍රධාන පුටුවල රාජකාරි කරන සමහර අයට ද නින්දා අපහාස විඳින්නට සොරුන් ලෙස හංවඩු ගැසීමට සහ අවනම්බු විඳීමට, නින්දා අපහාස විඳින්නට සිදු වේ. දේශපාලනයේ මෙන්ම ප‍්‍රධාන පුටුවල සිටින අය නිසා රටට අසීමාන්තික පීඩා විඳින්නට සිදු වේ.

මේෂ

 වෘෂභයෙන් අවුරුද්ද පටන්ගන්නා ඔබේ කේන්දර සටහන මෙසේය.

අනාගත දියුණුව ගැන සිත සිතා නොයෙක් ආකාරයේ සිතුවිලි ගලා එයි. එම සිතුවිලි සියල්ලම ඔබට එකවර කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වුවත් ඔබට අනාගතය වෙනුවෙන් අලූත් ව්‍යාපාර ආරම්භය වෙනුවෙන් ධනය වියදම් කිරීමට සිදු වේ. ඔබ දැනට පාවිච්චි කරන බඩුමුට්ටු එහා මෙහා කරන කාලයකි. එමෙන්ම රැකියාවන්ද එසේමය. අලූත් රැකියාවල් සොයා යන කාලයකි. කල්පනාකාරී නොවීම නිසා ඔබට කරදර විඳීමට පවා සිදුවිය හැක.

ගෘහ ජීවිතය අවුල් සහගතයි. යම් යම් ගැටලූ ඇති වේ. පේ‍්‍රම සම්බන්ධතා ඇති අයට ද නොයෙක් ආකාරයේ ගැටලූ සැක සංඛා මතුවෙයි. දරුවන්ට ද අධ්‍යාපන කටයුතුවල ගැටලූ, අවබෝධයේ තොරකම නිසා පීඩා ගෙනදේ. කෙසේ හෝ වැඩිහිටි, තරුණ, දරුවන් යන සියල්ලෝම අන් අයගේ පිහිට ලබාගත යුතු කාලයකි. ලියකියවිලිවලදී පරිස්සම් වන්න. දුරදිග යන කතාවෙන් අමනාපකම් ගොඩනැගේ. අසනීප හිසේ අසනීප, හිසේ බර ගතිය, තොලේ, දිවේ අසනීප, දත්වල, උගුරේ ආබාධ ඇතිවිය හැක.

රටට කෙසේද බැලූවොත් රට නිසා ඔබට පීඩා විඳිනන්ට සිදු වේ. කිසිවිටකත් වංචාවෙන් මුදල් සොයන්නට නොයන්න. එය මේ කාලයේදීම ඔප්පු වන නිසයි. ආගමික කටයුතුවල වැඩියෙන් යෙදෙන්න.

වෘෂභ

අවුරුදු කේන්දරය සහ එහි ග‍්‍රහ පිහිටීම මුලින්ම සඳහන් කළ කේන්දර සටහනයි. එහි පලාඵල විස්තරය මෙසේය. මේ කාලයේ ඔබටත් රටටත් බලාපොරොත්තු රහිත අවාසනාවන්ත කම්වලට මුහුණ දෙන්නට සිදුවෙයි. රට ගැන සිතුවොත් රජයට නිතරම කරදර ගෙන දෙයි. මිනිසුන්ගේ අඳෝනා නිතරම පාලකයන්ට අසන්නට ලැබේ. එය සිදුවන්නේ රටේ අවාසනාවටය. මිනිසුන් නොමිනිසුන් වන්නට වැඩි කාලයක් ගත නොවන බවද කිව යුතුයි. එසේම රටේ සාමාන්‍ය දියුණුවක් පෙන්නුවත් රට ප‍්‍රසිද්ධ වුවත් සමාගම් සමග ගිවිසුම් අත්සන් කළත් රහස් සාකච්ඡුා හෝ රහස් ගමන් නිසාද අහිංසක මිනිසුන් මුලාවෙයි.

ඔබට ඔබේ ලග්නයට නම් මේ කාලය ශුභම නොවේ. මුලින්ම තට්ටුවෙන්නේ ඔබේ මුදල්වලටය. මුදල් අතින් ඔබට අමාරුකම්වලට මුහුණ දෙන්නට සිදු වේ. දිගින් දිගටම කරදර ඇති වේ. මානසික පීඩාවන්ට ද අසනීපාදී කරදරවලටද ලක්වෙන්නට සිදු වේ. එමෙන්ම ගෘහ ජීවිතයට ද පීඩා ගෙනදේ. ප‍්‍රසිද්ධියේ සතුරන් ඇති වේ. එම සතුරන් නිසා ඔබට උන්හිටිතැන් පවා නැති වෙන්නට පුළුවනි. ස්ථාන වෙනස් වීමක්ද පෙන්නුම් කරයි. හිතවත් ඥාතියෙකුට හෝ මිත‍්‍රයෙකුට අපලදායකයි. මරණයක්ද අසන්නට සිදු වෙයි. ඔබේ ශරීර සෞඛ්‍ය දුරවල වෙයි. බලාපොරොත්තු රහිත කරදරවලට මුහුණ දෙන්නට සිදු වෙයි. අධ්‍යාපනය ලබන දරුවන්ගේ ද අධ්‍යාපන කටයුතුවලට බාධා යෙදිය හැක. දෙමාපියනි දරුවන් ගැන පෙරට වඩා සිතන්නට උත්සාහ ගන්න. දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්න. තරුණ දරුවන් ගැනද කල්පනාකාරී වන්න. ඔවුන්ගේ සිතුම් පැතුම් වෙනස් නිසා අවදානයෙන් සිටින්න. රැකියාවලදී නිර්මාණශීලී වැඩවලින් ලාභ ලැබිය හැක. වීඩාවන් පීඩාවන් මැද ජීවිතය ගෙවන්න. උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙන්න උත්සාහ ගන්න.

මිථුන

ඔබේ ලග්නයේ ග‍්‍රහ පිහිටීම් මෙසේය.

කලින් තිබුණු තත්ත්වයට වඩා තම ආදායම් මාර්ග ඉහළ යයි. නව ආදායම් මාර්ග සෙවීමට උත්සාහ ගන්නා කාලයකි. ලාභ ප‍්‍රයෝජන වැඩිවෙයි. මිල මුදල් අතින් යම්කිසි දියුණුවක් කරා යා හැක. රැකියාවන් ගැන බැලූවොත් නව රැකියා මාර්ග සෙවීමටත්, විදේශ ගමන් බිමන් යෑමටත් ඉඩකඩ සැලසේ. ගෘහ ජීවිතය අවුල් වියවුල් බවක් පෙන්නුම් කරයි. මන්ද ඔබ හැම විටම ඔබේ ස්වාමියා හෝ බිරිඳ ගැන සැක සංකා පවත්වාගෙන සිතින් පීඩා විඳින කෙනෙක් බවට පත්වී හමාරයි. පුළුවන් තරම් විවාහ ජීවිතය රැක ගැනීමට උනන්දු වන්න. එකිනෙකා වෙනුවෙන් කැපවෙන්න. ආදරය කරුණාව දක්වන්න. පේ‍්‍රම සබඳතා පවත්වන අයටත් විවාහ අපේක්‍ෂාවෙන් සිටින අයටත් විශේෂයෙන් තම ආත්ම ගෞරවය රැක ගැනීමට උනන්දු වන්න. ආත්ම හානි ඇතිකර නොගන්න. ලිංගික කටයුතුවලදී තම සීමාව දැන ඇසුරු කරන්න. අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් දෙමාපියන්ගේ උනන්දුව උත්සාහය අඩුකරවන කාලයකි. දෙමාපියන් නව මෙවලම් කෙරේ වැඩි අවදානයක් ගැනීම නිසා දරුවන් ඔබෙන් නොදැනීම ගිලිහි යා හැක. දරුවන් ආගමික කටයුතුවල යොදවන්න.

 කටක

මිල මුදල් පැත්ත යහපත් වෙයි. වෙළෙඳපොළ තරණය කිරීමට අවස්ථාව උදාවෙයි. ඔබට ජීවිතය ජයගන්න පුළුවන් කාලයකි. හැබැයි ඔබේ උනන්දුව උත්සාහය තිබිය යුතුමයි. කට පරිස්සම් කරගත යුතුම කාලයකි. උත්සාහයෙන් ප‍්‍රතිඵල ලබාගත හැක. අමුතුවෙන් පටන්ගන්නා කාර්යයන්ද එසේමය. ආගමික කටයුතුවලින් දියුණුවට මං පෑදෙයි. ඒ ගැන සිතේ උනන්දුව වැඩිවෙයි. භක්තියද වැඩිවෙයි. අධ්‍යාපනය ලබන දරුවනි ඔබට අධ්‍යාපන කටයුතුවලින් ජය ලබන්නට පුළුවනි. නමුත් මේ කාලයේ බාධාවීම්, කම්මැලි ගති නිසා පෙරමෙන් උනන්දුව උත්සාහය අඩුවිය හැක. නමුත් එය එසේ වීමට ඉඩ නොදෙන්න. පුළුවන් තරම් හිත දුවන්නට ඉඩනොදී රැකගන්න. කතාවෙන් අධ්‍යාපනයට බාධා ඇතිකර නොගන්න. විවාහ වීමට සිටින අය යම් යම් බාධා මාධ්‍යයේ වුවත් විවාහය සිදුකර ගනියි. නමුත් ලිංගික සැප අඩුවීමටත් එකිනෙකා විවේචනය නොකර සංවරව කාලය ගත නොකළොත් ප‍්‍රශ්න ඇත වෙයි. ආදර සම්බන්ධකම් වචන දුරදිග යෑමෙන් එකිනෙකා විශ්වාස නොකිරීමෙන් ආදර බන්ධන බිඳී යයි. එමෙන්ම ඔබට සුදුසු සහකාකාරියක් හෝ සහකරුවෙක් සෙවීමේදී කල්පනාවෙන් කළ යුතුයි. රජය නියෝජනය කරන අයගේ මානසික ගුණධර්ම පිරිහී යයි. කේලම් ඕපා¥ප නිසා එකිනෙකා අතර පවතින සම්බන්ධකම් පළුදුවී යයි. වංචා වැඩ රටේ ලෝකයට එළිවෙයි. ලැජ්ජාව නැතිවී යයි. ප‍්‍රසිද්ධියේම තමාගේ විනාශය තමා විසින්ම රටේ ලෝකයට ප‍්‍රචාරය කරයි. දේශපාලනයේ යෙදී සිටින අයට අශුභයි.

සිංහ

විශේෂයෙන් මේ කාලයේ තැන්පත් ධනය පවා ගත යුතු කාලයකි. එමෙන්ම අධික වියදම් ඇතිවේ. ධන හානි ඇති වේ. හිතවතුන් හා ඥාතීන් සමග ඇති කරගන්නා වූ කටයුතුවලින් ප‍්‍රවේශම් වන්න. වෙහෙස ඇති ගමන් බිමන් යෙදේ. නමුත් ප‍්‍රයෝජන අඩුකරන බවක් පෙන්නුම් කරයි. තමාගේ තනි කැමැත්තට හිතු මනාපයට කරන කටයුතුවලදී ප‍්‍රවේශම් සහගත විය යුතුයි. දෙමාපියන්ට වැඩිහිටියන්ට අපලදායක බවක් පෙන්නුම් කරයි. ගෙදර තම සිතට මානසික සුවයක් ඇතිකරන තැනක් නොවේ. අසනිපාදී කරදරවලට මෙන්ම හදිසි අනතුරුවලටද මුහුණ දීමට සිදු වෙයි. විශේෂයෙන් රෝගාබාධ වැළඳීමට ඉඩ තිබේ. අධ්‍යාපනය ලබන දරුවන්ට ද නිසියාකාරව තම අධ්‍යාපන කටයුතු කර ගැනීමට නොහැකි වෙයි. ආදර සම්බන්ධකම් කැඞී බිඳී යයි. අධ්‍යාපනය ලබන පුංචි දරුවන්ගේ මනසට ආදර සිතුවිලි ගලා එයි. දෙමාපියන් පෙරට වඩා දරුවන් ගැන විමසිලිමත් විය යුතු කාලයකි. අනාගතය වෙනුවෙන් විවාහවන්න සිටින දරුවනි ඔබ කරන කටයුතුවලින් නිසි ප‍්‍රයෝජන නොලැබෙන නිසා ආයෝජනය කිරීමෙන් වළකින්න. විදේශ ගතවීමට උත්සාහ ගන්න.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන්ගේ මේෂයට රාහු පැමිණේ. බොහෝ අවස්ථාවලදී ඔබේ බලාපොරොත්තු බිඳ දැමීමට උත්සාහ ගනියි. තවද මේ කාලය තුළදී ඔබට වෙහෙසකාරී ගමන් බිමන් ඇතිකර එයින් ප‍්‍රයෝජන අඩුකරන බවක් පෙන්වයි. ඔබ හැඟීම් මත කි‍්‍රයා කළහොත් ඔබට පාඩුද, ඔබේ විනාශයද ඇති කරයි. ආවේගශීලි ගතිය අඩුකර ගන්න. රෝග ලෙස උෂ්ණාධික රෝග ඇති කරයි. හිසට බොහෝ කරදර ගෙනදේ. රැකියා කටයුතුවලින් හා තමා මෙතෙක් උපයා ගත් දේ විනාශ වීමටද පුළුවනි. ආගමික කටයුතුවල වැඩි වැඩියෙන් යෙදිය යුතු කාලයකි. ආගමික පැත්තෙන් දියුණුවක් ලබා ගන්න. ඔබේ මවට මේ කාලය ශුභ නැත. ඔබේ යාන වාහනවලට, ඔබේ නිවසට භූමියට ශුභ නැත. විවාහ ජීවිතය තුළදී ගැටලූ ඇති විය හැක. වෙනස් ස්තී‍්‍රන් පුරුෂයන් පසුපස නොයන්න. ඔබ අවංක නම් ඔබට බොහෝ කරදරවලින් නිදහස් විය හැක. රාහු අපලෙන් මිදෙන්න අම්මට ගරු කරන්න ඕනේ. අධ්‍යාපනය ලබන දරුවන් සියලූ බාධක ඉවතලා අධ්‍යාපන කටයුතුවල පමණක් යෙදෙන්න. ආදර සම්බන්ධතා අධ්‍යාපනය තුළදී නොකිරීමට ඉටා ගන්න. ආදර බැඳීම් අවංක වූ තරමට සියලූ පැතුම් ඉටුවෙයි.

තුලා

අනාගතය ගැන සිතා ගන්නා යම් යම් කරුණු කාරණාවලදී ඔබ දුකට පීඩාවට පත් කරවන කාලයක් බැවින් මේ කාලයේ කල්පනාකාරී වන්න. ඔබ හැම විටම බුද්ධියට ඉඩ දෙන්න. හැඟීම්වලට මුල්තැන දීමෙන් වළකින්න. මෙම කේන්දරයේ රාහු, බුධ 07 වැන්නේ සිටීමෙන් ඔබේ විවාහයට බාධා ගෙන දේ. විවාහ ජීවිතය අවුල් වන නිසා හැම විටම කල්පනාකාරී වන්න. ඔබේ ස්වාමියා හෝ බිරිඳ මේ කාලයේ අසනීප වෙයි. දරුවන්ට ද එතරම් ශුභ ඵල නොදෙන බවත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද බාධා ගෙන දෙයි. මොනදේ සිද්ධ වුණත් ඔබ මොන තරම් අසරණ වුණත් ආගමික කටයුතුවල යෙදෙන්න. දුරදිග යන කරදර කල් ඇතිව දැනගෙන එයට මුහුණ දෙන්නට වගබලා ගන්න. මුදල් අමාරු, බොරු චෝදනා ලැබේ. අසනීප ලෙස ශරීර ශක්තිය හීන කරයි. ලිංගා බාධයක් හෝ ඉකිලි කැසීම් වැනි ශරීරයේ කෘෂ්ඨ රෝග වැනි දේ වැඩිවෙයි. මුත‍්‍රා දෝෂ, ධාතු දුර්වලතා මීට අමතරව වෙනත් ස්තී‍්‍රන්, පුරුෂයන් පසුපස නොයා යුතු කාලයකි. පොදුවේ තුලා ලග්න හිමියන්ට පවසන්නේ මේ කාලයේ ඔබට ඔබේ උත්සාහයටයි මේ කාලයේ පහර වදින්නේ. එසේ නම් ඔබ තම උත්සාහයෙන් නැගිටිය යුතු කාලයක් බැවින් සියලූ දෝෂ මගහැර ඉදිරියට යන්න. ඔබේ ප‍්‍රධානම මාර්ග මුදල් සෙවීමද, අධ්‍යාපනය ජය ගැනීමද, අලූත් ව්‍යාපාරයක් පටන් ගැනීමද, විවාහයද එය ජය ගැනීමට උත්සාහ ගන්න.

වෘශ්චික

තරමක් අශුභ අයුරින් තමයි කාලය ගත කරන්නට සිදුවන්නේ. මන්ද නිතරම ඔබ දුකින් කල්ගෙවන නිසයි. අසතුටක් හැමවිටම ඉස්සර වෙයි. නමුත් මේ කාලයේ හදිසි වස්තු ලාභ ලැබේ. කරගෙන යන කටයුතුවල වෙනසක් ඇතිවෙයි. දියුණුවට යම් පියවරක් තබන්නේද එය සාර්ථක කරගෙනම ඉදිරියට යන්නට උත්සාහ ගත යුතුයි. තද ලෙස මොළය වෙහෙසවා කරන කටයුතුවලදී පරිස්සම් වන්න. තනතුරු ලාභද ලැබෙන්නට ඉඩ තිබේ. රැකියාවලින් දියුණුව ඇති වේ. වාසනාවන්ත කාලයකි. ඔබ වාසනාව ලබාගත යුතුයි. විවාහ යෝජනා ගලා එන කාලයකි. විවාහ වෙන්නට සිටි අයගේ බාධා දුරුවී විවාහය තීන්දු වෙයි. ආදර බන්ධන ඇති අයගේද සතුටුදායක පිළිතුරක් බලාපොරොත්තු විය හැකි කාලයකි. අධ්‍යාපනය ලබන දරුවන්ගේ ආදර සම්බන්ධතාවයන්ට අනුබල නොදෙන්නට වැඩිහිටියන් වගබලා ගත යුතුයි. එමෙන්ම අධ්‍යාපන කටයුතුවලට ශුභයි. විදේශ ගතව අධ්‍යාපනය ලබන අයට ශුභයි. උසස් අධ්‍යාපනයට අලූත් අලූත් දේ ඉගෙනීමට ශුභ කාලයකි. අලූත් ගොඩනැඟිලි වැඩවලට අලූතින් ඉඩම් මිලදී ගැනීමට ශුභ කාලයකි.

ධනු

මිල මුදල් අතින් වඩාත් ශුභ නොවේ. වියදම් අධික කරන කාලයකි. තමාට සුදුසු නැති අය ආශ‍්‍රයට ලැබේ. නරක නාම පට බැඳේ. නරක පුරුදු ඇති වේ. සමහර අවස්ථාවලදී නරක දේට අබ්බැහි වෙයි. පහත් සිතුවිලි ගලා එන කාලයක් බැවින් පුළුවන් තරම් පරිස්සම් වන්න. නොතේරුම් කමින් වැරදි සිදුකර ගනියි. මුලාවීම්වලට ලක්වෙයි. විශේෂයෙන් ආදර බන්ධනවලදී ඔබ මුලාවෙයි. විවාහ වූ අයගේ විවාහ ජීවිතය අපායක් වෙයි. විවාහ ජීවිත දෙදරා යයි. පුළුවන් තරම් විවාහ ජීවිතය රැක ගැනීමට උත්සාහ ගන්න. අනුමානයට කරන කටයුතුවලින්ද ප‍්‍රවේශම් වන්න. ගෙදර දොර තමාට පි‍්‍රය නොවුණත් ගෙදරම රැඳෙන්නට උත්සාහ ගන්න. මේ අපල කාලය තුළ බොහෝදුරට ඉවසිලි වන්තව සිටීම නුවණට හුරුයි. මුළු පවුලටම අපලගෙන දෙන කාලයකි. දරුවන් ගැන පෙරට වඩා සිතන්නටත් ඔවුන්ගේ කටයුතුවලට මැදිහත් වීමටත් අධ්‍යාපන කටයුතු හොඳින් සිදුකර ගැනීමට උදව් උපකාර කිරීමටත් දෙමාපියන්ට සිදුවෙයි. එය එසේම කරන්න. මන්ද දරුවන් ඔබේ නිසා. පුළුවන්නම් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විෂ්ණු කතරගම දෙවියන්ට සෙත් කවි 2 ක් කියවන්න. උසස් අධ්‍යාපනයේ යෙදී ඇති දරුවනේ අධ්‍යාපන කටයුතුවල පමණක් යෙදෙන්න. ඔබට මේ කාලය බාධයි.

මකර

මේ කාලයේ මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතුවල දියුණුවක් ගෙන දේ. අමුතුවෙන් ආරම්භ කරන කටයුතුවලින් ද දියුණුවක් ලබාගත හැකි කාලයකි. ධන ධාන්‍ය ලබාගත හැකි කාලයකි. නමුත් මේ කාලයේදීම හිතට කරදර කයට දුක ද ඇති කරයි. විරුද්ධකරුවන් ද ඇති කරයි. නමුත් ඔබේ අවංකකමින් මේ සියලූ දේ ජය ගැනීමට ශක්තියක් ඔබට තිබිය යුතුයි. විශේෂයෙන් කියන්න ඕනේ මේ කාලයේ ඔබේ නිවස, යාන වාහන, ඔබේ මව, මවගේ ඥාතීන් මේ කාලයේ පෙත්තම් කරයි. එබැවින් එවැනි කටයුතුවලදී අපලයි, ප‍්‍රවේශමයි දෙකම ගැන ඔබ හොඳින් අවබෝධ කරගත යුතුයි. හේතුව බලාපොරොත්තු රහිත කරදරවලට ලක්වීමට ද පුළුවනි. අනතුරුවලින් ප‍්‍රවේශම් වන්න. නඩු මගට නොයන්න. අධ්‍යාපනය ලබන දරුවනි, තරග විභාගවලින් ජය ලබාගත හැකි කාලයකි. ඔබේ නම රටට ලෝකයට ගෙන යා හැකි කාලයකි. අධ්‍යාපනයෙන් උසස් ස්ථාන කරා යෑමට හැකියාව ලැබේ. හැබැයි කම්මැලි කරයි ඔබව! එසේ නම් කම්මැලි වුවහොත් ඔබට ඉහළට යා හැකිද? කම්මැලිකම පසකලා ඉගෙනීමේ කටයුතුවල යෙදෙන්න. චරිතය හැමවිටම හොඳ විදිහට තබා ගන්න. ආදර සම්බන්ධතා ගැන ද කල්පනාකාරි වන්න. විවාහ වූ අයගේ සහ ආදර බන්ධනවලදී විමසිලිමත් වන්න. ඔබේ උනන්දුව නැති වුණොත් ඔබේ දියුණුව නැති වෙන නිසා ඔබයි ඔබව ගොඩනැඟිය යුත්තේ.

කුම්භ

අපේ‍්‍රල් මාසයේ ඔබේ අනාගතය, කෙසේ විසඳේවිද, මේ කාලයේ දුක් කනගාටු සිත් කරදර ඇති වේ. අවාසනාවන්තකම් කීපයකට මුහුණ දෙන්නට සිදු වේ. විශේෂයෙන් ඔබේ ළඟම ඥාතියෙකුට අපලදායකයි. තවද ඔබේ රැකියා කටයුතුවලදී ඔබේ ප‍්‍රධානීන් සමග එකට වැඩ කිරීමේදී කල්පනාකාරී වන්න. විවාහ ජීවිතයේ ගැටලූ ඇති වේ. ඔබ දෙදෙනාට ඔබ දෙදෙනා පෙන්න බැරි තත්ත්වයට පත් වේ. ඉතාම නිහතමානිව විවාහ ජීවිතය ගෙන යා යුතුයි. ස්ථාන වෙනස් වීමක් පෙන්නුම් කරයි. ව්‍යාපාරවලින් යම් යම් ලාභ ලැබුණත් ඔබ හා අන් අයගේ මත ගැටුම් නිසා පාඩු විඳින්නට සිදුවෙයි. දරුවන්ගේ බුද්ධිය හොඳ මට්ටමක තිබුණත් ඔවුන්ගේ උනන්දුව උත්සාහය නැතිකම නිසා ‘‘මට කරගන්න තිබුණා නමුත් වෙලාව මදි වුණා’’ කියන්නට නම් කිසිවිටකත් උත්සාහ නොකරන්න. ඔබට යම් යම් අසනීප කරදර ඇති වුවත් අධ්‍යාපනයට ඇති ඉඩකඩ වෙනත් දේ සඳහා නොයදවන්න. විශේෂයෙන් සිත දුවන තැන්වලට නොයන්න. ඔබේ වැරදි අන් අය පිටින් නොයවන්නට දරුවනේ වග බලා ගන්න. අසනීප ලෙස මේ කාලයේ පපුවට උඩ කොටස ලෙඩ කරන්නට බලයි.

විවාහ නොවූ අයට මංගල යෝජනා ඇති වෙයි. නමුත් විමසිලිමත්ව ඒවා භාරගත යුතුයි. ආදර සම්බන්ධකම් තහවුරු වෙයි. එහෙත් කෙටි කාලයකින් ඒවා විනාශ වී ද යන බැවින් ඔබ ශක්තිමත් වී සියලූ දේ හොඳ හෝ නරක තේරුම් ගෙන කටයුතු කළ යුතුයි.

මීන

මේ කාලයේ ධන ලාභ ලැබේ. තම ආදායම් මර්ගවල වෙනසක් දැකිය හැකි කාලයකි. දියුණුවට යම් යම් කි‍්‍රයාමාර්ගවල යෙදෙන අතර එයින් ලාභ ප‍්‍රයෝජන ටික කාලයක් යනතුරු ලබා ගැනීමට හැකිවෙයි. පිරිස් බලය වැඩිවෙයි. දියුණුවට හොඳ කාලයකි. සුළු සුළු දේ අත්නොහරින්න. මන්ද එයින්ද ලාභ ලබාගත හැකි බැවින් වර්ෂය අවසානයේ යම් යම් පාඩුවීම් අත්විඳින්නට පුළුවනි. මොළේ කල්පනාකර කටයුතු කරන්න. ධන හානිවලට ඉඩ කඩ පවතියි. තමාගේ ධනය හෝ තමා සතු දෙයක් නැතිවීමට හෝ විනාශ වීමට පුළුවනි. අන් අයට දුන් මුදල් නැවත ලබා ගැනීමට නොහැකි වෙයි. එම නිසා මුදල් ගනුදෙනුවලින්ද ප‍්‍රවේශම් වන්න. මේ කාලයේ ශරීර ශනීපය දුර්වල කරයි. ලෙඩ කරන්නට ලෙඩ වෙන්නට බලයි. දරුවන් ලැබෙන්නට සිටින මව්වරුන් පරිස්සම් විය යුතුයි. උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට හොඳයි. උසස් තත්ත්වයකට යාමට මග පාදාගත හැක. විදේශ ගමන් බිමන් යෙදේ. අලූත් අලූත් දේ ඉගෙනීමට ලැබේ. මොන දේ මොන ආකාරයෙන් සිදු වුවත් මේ සියලූ දේ පවතින්නේ ඔබට ඔබේ ලග්නයට අනුව අඩුවැඩි වීම් සිදුවෙයි. ආදර බන්ධනවලදී ඔබ ලැජ්ජාවකට හෝ ඔබේ බොරුවක් අසුවීමෙන් ඔබ අපහසුතාවට ලක්වෙයි. විවාහ වූ අයට විවාහ ජීවිතය මෙන්ම විවාහ වන්නට සිටින අය විවාහ ජීවිතය රැක ගැනීමට උත්සාහ ගත යුතු කාලයකි.

නාඩි ජ්‍යොතිෂවේදී,
ඉවෝන් දිසානායක
ඉටුමිණ ජ්‍යොතිෂ ආයතනය
(මහර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල)
රම්මුතුගල- කඩවත.
දු.අංකය 0715 723 434/ 0777 343 437

advertistmentadvertistment
advertistmentadvertistment