මෙවර නත්තලේ රතිඤ්ඤා හඬ අඩුවෙයි – සැරසිලි සහ සාදත් අඩුවෙලා

89

අසිරිමත් නත්තල උදාවීමත් සමඟ වෙනදා රටපුරා ඇසුණු රතිඤ්ඤා හඬ මෙදා විශාල ලෙසින් අඩුවක් දකින්නට තිබිණි. එසේම අහස් කූරු, නිලාකූරු, මල් වෙඩි වලින් වෙනදා හැඩවැඩුණු පරිසරයේ අසිරිය මෙවර ද දකින්නට නොතිබිණි.

එයට හේතුව අද රට පුරා පවතින ආර්ථික අර්බුදය විය හැකි බව ජනතාව පවසති.

වර්තමානයේ ජනතාවට ගිනිකෙළි මිලදී ගැනීමටවත් ආර්ථික හැකියාවක් නොමැතිවී තිබිණි. එහෙත් නත්තල උදාවීමත් සමඟ වෙනදා මෙන් මෙදාත් දෙව් මැඳුරුවලින් සීනු හඬත්, කැලොල් ගී හඬත් අසන්නට ලැබිණි.

සෑම දෙව් මැඳුරකම පාහේ ජේසු සමිඳාණෝ උපත ලැබූ ගවහල් තනා තිබිණි.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා කිතුණු බැතිමතුන්ගෙන් කළ ඉල්ලීම අනුව බැතිමතුන් බොහෝ දෙනෙක් විලාසිතාවලින් තොරව දෙව් මැඳුරුවල දේව මෙහෙයට සහභාගිවී සිටි අතර වෙනදා පැවැති නත්තල් සාද රැසක්ද පැවැත්වූයේ නැත.

ඇතැම් වෙළෙඳසල්වල නත්තල් ගස්, නත්තල් සැරසිලි අලෙවි වී නොතිබුණු අතර හේතුව ඒවායේ මිල ගණන් අධිකවීම බව පැවසේ.
නෝමන් පලිහවඩන සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment