මෙවර නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට

241

මෙවර නොබෙල් සාම ත්‍යාගය පිලිපීන හා රුසියානු ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට පිරිනමා තිබේ. පිලිපීනයේ හා රුසියාවේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සුරැුකීම සඳහා පිලිපීන ජනමාධ්‍යවේදිනියක වන මරියා රෙස්සා හා රුසියානු මාධ්‍යවේදී ද්මිත‍්‍රි මුරටෝව් යන දෙදෙනා විසින් ගෙන ගිය දිරිගන්වන සුළු සටන ඇගයීමක් වශයෙන් මෙවර නොබෙල් සාම ත්‍යාගය ඔවුනට පිර්මුනැමූ බව නොබෙල් ත්‍යාග කමිටුව විසින් නිවේදනය කර තිබේ.

මෙම මාධ්‍යවේදීන් දෙපළ නොබෙල් සාම ත්‍යාගය සඳහා තෝරාගෙන ඇත්තේ ලොව පුරා රටවලින් යෝජනා වූ 329ක් දෙනා අතුරින් වන අතර ඔවුනට නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර පිහිටි නොබෙල් ආයතනය මගින් පිරිනමනු ලබන ස්වීඩන් ක්‍රෝනර් මිලියන 10ක් (ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක්) වටිනා මුදල් ත්‍යාගය සමසේ බෙදී යනු ඇත. පිලිපීනයේ බලය අයුතු ලෙස භාවිත කිරීමට එරෙහිව අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා ‘රැුප්ලර්’ නමින් ප‍්‍රවෘත්ති වෙබ් අඩවියක් ආරම්භ කර ඇති මාධ්‍යවේදිනී රෙස්සා පවසා ඇත්තේ තමාට නොබෙල් සාම ත්‍යාගය සමසේ පිරිනමන බව ඇසීමෙන් කම්පනයක් ඇති වූ බවයි. නොබෙල් සාම ත්‍යාගයේ අනෙක් සම හිමිකරුවා වන රුසියානු මාධ්‍යවේදී ද්මිත‍්‍රි මුරටෝව් විසින් ‘නොවාජා ගැසටා’ යන ස්වාධීන පුවත්පතක් ආරම්භ කර පවත්වාගෙන යන අතර ඔහුට ප‍්‍රධාන කර්තෘවරයා වශයෙන් වසර 24ක අත්දැකීම් තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment