මෙවර ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල කඩඉම් ලකුණු පමණයි

163

දිස්ති‍්‍රක් හා දිවයිනේ ස්ථාන නෑ:  ප‍්‍රතිඵල නැවත සමීක්‍ෂණයට 31ට පෙර ඉල්ලූම් කරන්න

පාසල්වල 06 වැනි ශ්‍රේණියට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප‍්‍රදානය කිරීමට 05 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ (2021* සිංහල මාධ්‍යයෙන් වැඩිම කඩඉම් ලකුණු 152ක් ලෙසත් දෙමළ මධ්‍යයෙන් කඩඉම් ලකුණු 149ක් ලෙසත් විභාග දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශයට පත්කරන ලදී.

පසුගිය ජනවාරි 22 වැනිදා පැවති ශිෂ්‍යත්ව විභාගයේදී සිසුන් ලබාගත් දිස්ති‍්‍රක් හෝ දිවයිනේ ස්ථාන ප‍්‍රකාශයට පත් නොකළ බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඞී. ධර්මසේන මහතා පැවසීය. එක් එක් දිස්ති‍්‍රක්කයන්හි සිංහල හා දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු පහත දැක්වේ.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, කෑගල්ල, ගාල්ල, මාතර, කුරුණෑගල සිංහල මාධ්‍යයෙන් 152ක් ද, එම දිස්ති‍්‍රක්කවල දෙමළ මාධ්‍යයෙන් 149ක් ද වේ. නුවරඑළිය සිංහල 145, දෙමළ 146ක් වේ. හම්බන්තොට සිංහල 148ක්, දෙමළ 147ක් වේ. යාපනය, කිලිනොච්චිය, මන්නාරම දෙමළ 148ක් වේ. වව්නියාව සිංහල 142ක්, දෙමළ 147ක් වේ. මුලතිව් සිංහල 140ක් දෙමළ 147ක් වේ. මඩකලපුව දෙමළ 147ක් වේ.

අම්පාර, ති‍්‍රකුණාමලය සිංහල 145ක්, දෙමළ 147ක් වේ. පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල සිංහල 146ක් ද පුත්තලම සහ මොනරාගල දෙමළ 146ක් වේ. රත්නපුර සිංහල 148ක් , දෙමළ 145ක් වේ.

කිසියම් සිසුවකුගේ ලකුණු නැවත පරීක්‍ෂාවක් සිදුකිරීමට අවශ්‍ය නම් මෙම මස 31 වන දිනට පෙර අභියාචනා ඉදිරිපත් කළ යුතු යැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment