මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රය පළමුවෙන්

618

දෙසැම්බර් 18 වැනිදා පවත්වන මෙවර (2022) ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි :(II) ප්‍රශ්න පත්‍රය පළමුවත් පළමු :(I) ප්‍රශ්න පත්‍රය දෙවනුවත් ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

(II) වන ප්‍රශ්න පත්‍රය බහුවර්ණ හා කෙටි පිළිතුරු සැපයීම් 60 කින් සමන්විත අතර ලබාදෙන කාලය පැයයි මිනිත්තු පහළොවකි. (1.15) පෙරවරු 9.30 සිට 10.45 දක්වා මේ සඳහා වෙලාව ලබාදෙයි.

I වන ප්‍රශ්න පත්‍රය වර්ණ තුනකින් සමන්විත බහුවර්ණ ප්‍රශ්න 40 කි. කාලය පැයකි. (1) පෙරවරු 11.15 සිට 12.15 දක්වා වේලාව ලබාදෙයි.

මේ සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් පවතී නම් 0112784208, 0112784537, 1911 යන දුරකථන අංකවලින් විමසීම් කළ හැක.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment