මෙසී බාසිලෝනාවෙන් බසී

363

වයස අවුරුදු 17 සිට තවත් 17 වසර ක් පුරා බාසිලෝනා කී‍්‍රඩා සමාජය නියෝජනය කළ සුපිරි පාපන්දු තරුව ලියොනල් මෙසී බාසිලෝනා කී‍්‍රඩා සමාජයට සමුදීමට පසුගියදා තීරණය කළේය.

 ආර්ජන්ටිනා ජාතික ලියොනල් මෙසී ඔහුට වයස අවුරුදු 13 ක් වන විට ස්පාඤ්ඤයට පැමිණ ඇති අතර එහිදී බාසිලෝනා කී‍්‍රඩා සමාජයට සම්බන්ධවී ඇත.

 බාසිලෝනා කී‍්‍රඩා සමාජයට ශූරතා 34 ක් ජයග‍්‍රහණය කිරීමට සිය දස්කම්වලින් දායක වුණු මෙසී එම කණ්ඩායම වෙනුවෙන් තරග 778 කට කී‍්‍රඩා කර ගෝල 672 ක් ලබාගෙන ඇති අතර ලොව දක්‍ෂතම පාපන්දු කී‍්‍රඩකයාට හිමි රන් සම්මානය හය වතාවක් දිනාගෙන ඇත.

 කෙසේ වෙතත් වසර ගණනාවක් පුරා තමා බැඳී සිටි බාසිලෝනා කී‍්‍රඩා සමාජයෙන් සමුගැනීම මෙසීට ඉතා හැඟුම්බර අවස්ථාවක් වූ අතර ඒ පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු කඳුළු සලමින් සිටි අයුරුද දක්නට ලැබුණි.

 බාසිලෝනා පිටියට සමුදෙන ආර්ජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයා වන ලියොනල් මෙසී තව නොබෝ දිනකින් පැරිසියේ ජර්මේන් ක‍්‍රීඩා සමාජය සමග එක්වීමට නියමිතය.

 කෙසේ වෙතත් මෙසී, බාසිලෝනාව හැර යෑම පිළිබඳව උරණව සිය අප‍්‍රසාදය පළ කරන බාසිලෝනා ආධාරකරුවෝ පෙරේදා (09 දා* මෙසීගේ නිවස වටකොට සිටි බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment