මෙහෙම ගියොත් රෝගීන් මියයාම පවා සිදුවිය හැකියි

124

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි

රටේ පවතින ඖෂධ හිඟයට කාර්යක්‍ෂම විසඳුමක් නොදුනහොත් ලබන මාසය වනවිට රෝහල් ගතවන රෝගීන්ට මියයෑමට පවා සිදුවිය හැකි යැයි රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය පවසයි.සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ලබන අගෝස්තු වන විට ඖෂධ හිඟය මඟහැරෙන බවට ප්‍රකාශ කර සිටියත් අගෝස්තු වනතෙක් රෝගීවන පිරිසට කුමන පිළියමක් යොදනවාද යන්න ප්‍රකාශ නොකිරීම විශාල ගැටලුවක් බවද එම සංගමයේ ලේකම් වෛi හරිත අලුත්ගේ මහතා පැවසීය.රටේ ආර්ථික අර්බුදය ඇතිවීමට පෙරද දේශපාලනඥයන් ඇතුළු අනෙකුත් පිරිස් රටේ මුදල් පවතින බවට ප්‍රකාශ කළත් එය එසේ නොවන බවට ජනතාවට පෙනී ගොස් ඇති නිසා දේශපාලනඥයන්ගේ කථා ජනතාවට විශ්වාස නොකරන තත්ත්වයට පත්ව ඇතැයිද අලුත්ගේ මහතා අවධාරණය කර සිටියේය.

රටේ මේ වනවිට ඖෂධ 68 ක හිඟයක් පවතින බවත් අවම වශයෙන් පරිත්‍යාග වශයෙන් ඖෂධ ලබාදෙන පුද්ගලයන්ට කුමන ඖෂධය අවශ්‍යද යන්න විමසීමක් කළ හැකි දුරකථන අංකයක් හෝ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන නොමැති බවත් ඔහු කීය.ජනතාවට එවැනි අංකයක් හෝ හදිසි අංකයක් ලබාදී ලැබෙන ඖෂධ ගබඩා කරගෙන නොසිට ඖෂධ හිඟ රෝහල්වලට ඒවා බෙදාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බවද අලුත්ගේ මහතා කීය. මේ සම්බන්ධයෙන් මේ සතිය තුළ සෞඛ්‍ය ඇමැතිවරයා හමුවී සාකච්ඡා කිරීමටද තම සංගමය අදහස් කරගෙන සිටින බවද අලුත්ගේ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment