මෙහෙම වෙන්නෙ ඇයි… සැමියා කොරෝනා වැළඳී මියයයි.. බිරිඳ දුව පුතා දැඩිලෙස අසාධ්‍යව රෝහලේ… වසා තිබූ ගෙදරට හොරුපැන සේසතම සුද්ද කරලා….

338

මිනුවන්ගොඩ අලූතැපොළින් ඇසෙන තවත් ශෝචනීය කතාවක්

මිනුවන්ගොඩ අලූ‍තැපොල ප‍්‍රදේශයේ පදිංචි නිවෙස් හිමියා කොරෝනා ආසාදිත වීමෙන් 05 වෙනිදා අලූ‍යම නිවසේ දී මියයාමෙන් අනතුරුව නිවසේ නිරෝධායනය වෙමින් සිටි එම මරණකරුගේ බිරිඳ දුව සහ පුතා ද කොරෝනා ආසාදිතව දැඩි ලෙස රෝගාතුර වීමෙන් අනතුරුව එදිනම (05දා) මීගමුව මහ රෝහලට ඇතුළත් කර සිටියදී එදිනම රාත‍්‍රී ඔවුන්ගේ නිවස ද හොරු බි`ද ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී මිනුවන්ගොඩ නැගෙනහිර අලූ‍තැපොල පදිංචිව සිටි 53 හැවිරිදි නෝබට් පේ‍්‍රමකුමාර නමැති දෙදරු පියා මෙලෙස නිවසේදීම මිය ගොස් තිබේ.

සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනුව මිනුවන්ගොඩ ආදාහනාගාරයේදී 05 වෙනිදා සවස අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඥාතීන් විසින් මරණකරුගේ නිවස දොරගුලූ‍ දමා වසා තිබේ.

එම නිවසේ ඇති කරන සුනඛයාට ආහාර ලබාදීම පිණිස පෙරේදා (06) උදේ ඥාතියෙකු එම නිවසට ගොස් ඇති බවත් එවිට නිවසේ දොරවල් විවෘත කර තිබෙන අයුරු දැක

අසල්වාසීන් සමඟ එක්ව කළ සොයා බැලීමේදී නිවසේ වහලයේ උළු ඉවත්කර නිවසට ඇතුළු වූ අයෙකු හෝ කණ්ඩායමක් විසින් නිවස තුළ තිබූ අල්මාරි ඇද දමා

ඒ තුළ තිබූ මුදල් රන්භාණ්ඩ සහ වෙනත් වටිනා දෑ සොරාගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මිනුවන්ගොඩ ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment