මේක ඩොලර් කෝටි 8500 ක දැවැන්ත ව්‍යාපෘතියක් – ඇමැති උදය ගම්මන්පිල

266

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුමට අනුව ති‍්‍රකුණාමල තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් කෝටි 8500 ක දැවැන්ත ව්‍යාපෘතියකැයි බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් ති‍්‍රකුණාමලය මෙන්ම රටේ බොහෝ ප‍්‍රදේශ යෝධ සංවර්ධනයකට ලක්කිරීමට හැකි වෙතැයි ද ඒ මහතා කීය.

මෙම ව්‍යාපෘතිය මගින් උතුර හා උතුරු මැද, බදුල්ල, කුරුණෑගල දක්වා මෙතෙක් කල් ඉන්ධන බෙදාහැරීමට වැය වූ රුපියල් කෝටි 300 ක මුදලක් රටට ඉතිරි කරගත හැකි බවත් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමෙන් පසු එම ප‍්‍රදේශයට ඉන්ධන බෙදාහැරීම ති‍්‍රකුණාමලය හරහා සිදු කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මීට අමතරව මෙම තෙල් ටැංකි භාවිතයට ගෙන ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවන විට ඉන්ධන ගබඩා කිරීමට එම ටැංකි භාවිතා කිරීමෙන් රටට තවත් යහපතක් සිදුවන බවද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment