මේ දුෂ්කර මොහොතේ ශ‍්‍රී ලංකාවට ඉන්දියාවේ සහාය – ඉන්දීය විදේශ ඇමැති

148

මෙම දුෂ්කර අවස්ථාවේ ඉන්දියාව ශ‍්‍රී ලංකාවට සහාය දෙන බව ඉන්දීය විදේශ ඇමැති එස්. ජයශංකර් මහතා පවසයි.

ශ‍්‍රී ලංකා විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සමග පැවැති සාකච්ඡුාවකින් පසු ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා මේ බව කියා සිටි බව හින්දු පුවත්පත අනාවරණය කර සිටී.

ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් මහතා මෙම සාකච්ඡාවල නිරතව ඇත්තේ ඔහු ඔස්ටේ‍්‍රලියාව, ඉන්දුනීසියාව, මාලදිවයින සහ භූතානයේ විදේශ අමාත්‍යවරුන් සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවය.

අලූත් අවුරුද්දේ ශ‍්‍රී ලංකා විදේශ ඇමැතිවරයාට සුබපැතූ බවත් විශ්වාසවන්ත මිතුරෙකු වන ඉන්දියාව මෙම දුෂ්කර කාලවලදී ශ‍්‍රී ලංකාවට සහාය වනු ඇති බවත් ඉන්දීය විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment