මේ වසරේ සා. පෙළ විභාගය ලබන පෙබරවාරියට කල දමයි

435

මේ වසරට නියමිත (2021) අ’පො’ස’ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා කල් දැමීමට රජය තීරණය කළ බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී’ එල්’ පීරිස් මහතා පැවසීය’

ඒ අනුව අ’පො’ස’ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ (2022) පෙබවාරි 21 වැනි සඳුදා සිට මාර්තු 3 වැනි බ‍්‍රහස්පතින්දා දක්වා පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන ඇමැතිවරයා පැවසීය’

2021 අ’පො’ස’ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට මෙයට පෙර තීරණය කර තිබුණි‘ පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ද ඇමැතිවරයා සඳහන් කළේය’

ගුරුවරුන් සඳහා කොවිඞ් දෙවන මාත‍්‍රාව අගෝස්තු මස අවසානයට පෙර ලබා දී සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව සැප්තැම්බර් මුල් සතියේ යම් සැලැස්මකට අනුව පියවරෙන් පියවර පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය’

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment