මේක අත්හදා බැලීම් කරන වෙලාවක් නෙවෙයි: අයි එම් එෆ් පිහිට හැර වෙන මගක් නෑ

397

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආරම්භ කර තිබෙන සාකච්ඡා හැකි ඉක්මනින් සිදුකර, එම මාර්ගයේ යනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාව මේ වන විට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඇති එකම මාර්ගය එය බව ද ඔහු සඳහන් කරයි.

ඉදිරියේ දී බලයට පැමිණීමේ අදහසින් සිටින ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට දෙන්න තිබෙන පණිවුඩය කුමක්දැයි මාධ්‍ය කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් රූපවාහිනී සංවාදයක දී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා, ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා, ණය ප්‍රතිව්‍යූහගතකරණය කරලා, එම මාර්ගයේ යා යුතුයි. ඒ ක්‍රියාමාර්ගයෙන් පිට වෙන පැත්තකට යන්න උත්සාහ කළොත් මේ රට තවත් අමාරුවකට වැටෙනවා” යැයි ද ඔහු සඳහන් කළේය. මේ වෙලාවේ රට තිබෙන්නේ අත්හදාබැලීම් කරන්න පුළුවන් තත්ත්වයක නොවන බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment