මේක ගොතන කථාවක් – දොස්තරගේ පුතා කියයි

818

අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයාගේ පුතු සමාජ කි‍්‍රයාකාරිකයකු වන ඔෂධ හේරත් මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය. ”මම කතෝලිකයෙක්. වයස අවුරුදු 45 යි. බොරැල්ල සියලූ සාන්තුවරුන්ගේ දෙව්මැදුරේ බෝම්බ සිද්ධියට අදාළ තව දිගහැරුමක් මේක. මගේ පවුලත් දැන් ඒකෙ ගොදුරක් බවට පත්වෙලා. 17 වැනිදා සවස 7.30 ට විතර නාලා එළියට එනකොට මට පුතා ඇවිල්ලා කිව්වා පාරේ පොලිසියෙ ගොඩක් ඉන්නව කියලා. පුතා ඒක දැකලා තියෙන්නේ සීසීටීවී එකෙන්. මම ගිහින් බැලූවා පොලිසියේ විශාල පිරිසක් හිටියා. ගේට්ටුවෙන් පිටත් හිටියා. ඇතුළෙත් හිටියා. අපේ ගෙදර ඉන්නේ තාත්තයි මගේ නෝනයි, සහෝදරියයි, වයස අවුරුදු 11 ක මගේ පුතයි. ඊට අමතරව ගෙදර වැඩට දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රාජා අනෙක් එක්කෙනා ගජන් එදා පොලිසිය ඇවිල්ලා දොර අරින්න කියලා කිව්වා. අපේ ගේට්ටුවෙන් කාටවත් ඇතුළට එන්න බැහැ. ඒත් පොලිසිය ඇතුළට ඇවිත් තිබුණා. මම දොර ඇරියා. පොලිසිය අපිව වෙන වෙනම කාමරවලට යැව්වා. අපේ මොබයිල් ෆෝන් ටික අරගත්තා. පස්සේ අපේ වයස අවුරුදු 75ක් වන පියාගෙන් පොලිසිය ප‍්‍රශ්න කළා. අපි ඔක්කොම පොලිසියට එක්කගෙන යනවා කියලා මුලින් කිව්වා. පස්සේ තාත්තව අරගෙන යනවා කියලා කිව්වා. තාත්තා වෛද්‍යවරයෙක්. එයා දැන් විශ‍්‍රාමිකයි. අන්තිමට වැඩ කළේ පිළියන්දල රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරයා හැටියටයි. පියා කතෝලිකයි. අපේ මව ළඟදී මියගියා. අම්මයි තාත්තයි විවාහ වෙලා තියෙන්නෙත් බොරැුල්ල සියලූ සාන්තුවරුන්ගේ දේවස්ථානයේ. අපි කතෝලික ප‍්‍රතිපත්තිවලට අනුව කටයුතු කරන අය. බෝම්බෙ තියපු සැකකාරයා කරපු ප‍්‍රකාශයක් මත තාත්තා පොලිසියට ගෙනයනවා කියලා අරගෙන ගියා. අපේ නිවසේ සවිකර තිබුණු සීසීටීවී කැමරා මැෂිම බලෙන් කඩල පොලිසිය අරගෙන ගියා. සොයුරියගෙන් පිටු 4ක කටඋත්තරයක් අරගෙන දැන් අපිට මේ බෝම්බ සිද්ධිය පවුලේ ප‍්‍රශ්නයක් බවට පත්වෙලා. මේක පොලිසිය ගොතන කතාවක් ගෙදර ආයුධ තිබුණේ නැහැ. තිබ්බේ සෙල්ලම් පිස්තෝල, වායු රයිෆල් මාවත් බිරිඳත් අත්අඩංගුවට ගනියි කියලා මට සැකයි. ඒ නිසයි ඊට කලින් මාධ්‍ය හමුවක් කැඳවලා මම මේ ටික රටට කිව්වේ” එහිදී මේ සම්බන්ධව ඔහු දීර්ඝ විස්තරයක් ප‍්‍රකාශයට පත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment