මේක රාජපක්ෂලාගේ ‘වින් වින්‘ තියරිය – හාල් – සීනි පාලන මිල ආණ්ඩුවේ අලූත්ම නාටකයයි

167

* දුමින්ද නාගමුව

සහල් සහ සීනි සඳහා නව පාලන මිලක් නියම කිරීම ආණ්ඩුවේ අලූත්ම නාටකය යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ‘දිවයිනට’ ඊයේ (3 දා)
 පැවසීය.

යම් භාණ්ඩයක මිල රුපියක් තිහකින් වැඩි කළ යුතු නම් රාජපක්ෂ ආණ්ඩුව එය රුපියල් හැටකින් වැඩි කරන බවත් ඉන්පසු ජනතා විරෝධය මතුවෙන්නට ඉඩ දී එය රුපියල් තිහකින් අඩුකර තමන් බලාපොරොත්තු වූ මිලට ගෙන ඒමට කටයුතු කරන බවත් නාගමුව මහතා කීවේය. එවිට තමන් දිනුම් බව ජනතාවට හැඟී යන බවත් සැබවින්ම ආණ්ඩුවත් දිනා ඇති බවත් පැවසූ නාගමුව මහතා මෙය රාජපක්ෂ ආණ්ඩුවේ ‘වින් වින් තියරිය‘ යැයි ද සඳහන් කළේය.

හාල් මිල සම්බන්ධයෙන් අවස්ථා හතරකදී වත්මන් ආණ්ඩුව ගැසට් නිවේදන නිකුත් කළ මුත් ඒ කිසිම අවස්ථාවක ජනතාවට පාලන මිලට සහල් ලබා ගැනීමට නොහැකි වූ බව ද නාගමුව මහතා පැවසීය. සීනි වැටලීම්වලට යන පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සීනි සැඟවූ ජාවාරම්කාරයන් ගැන පුදුම ආත්ම අනුකම්පාවකින් කතා කර එම සීනි මිලදී

ගැනීමට කටයුතු කරන බව පැවසූ නාගමුව මහතා අඩුම වශයෙන් ඒවා රාජසන්තක කිරීමටවත් නීති ගෙන ඒමට ඔවුන් අපොහොසත් වී ඇතැයි ද කීවේය. ආණ්ඩුව මෙවර ද උත්සාහ කරන්නේ තමන්ගේ ගජමිතුරු ජාවාරම්කාර ව්‍යාපාරිකයන් රැුකගෙන සිල්ලර කඩ හිමියා හිර කිරීමට යැයි ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා වැඩිදුරටත් පැවසීය.

අනුරාධ හිරිපිටියගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment