මේක වටින්නේ ධනවතුන්ට කෞතුකාගාර එකතුවකට… මැණිකට ‘කෝචොක්’ දාන කතා ගණන් ගන්න එපා… මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති

312

රත්නපුරයෙන් හමුවූ නිල් මැණික වඩාත්ම වටිනුයේ ලෝකයේ සිටින ධනවතුන්ට කෞතුක එකතුවකට යැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (29 දා* පැවසීය.
 
 මෙම මැණික් ගලේ වටිනාකම පිළිබඳ නොදන්නා ‘පල් හොරුන්’ විසින් සිදු කරනු ලබන ප‍්‍රකාශ ගණන් නොගන්නා ලෙස ජනතාවට පවසන්නේ යැයි කී ඒ මහතා මෙතරම් බරක් සහිත එවැනි මැණික් ගලක් ඇත්තේ ලෝකයටම එකක් යැයිද කීවේය.
 
 මෙම මැණික් ගල කපා ඔප දමා පළඳිනවාට වඩා අධ්‍යයන කටයුතු සිදු කිරීම සඳහා ඉතා සුදුසු බවද සභාපතිවරයා සඳහන් කළේය.
 
 අදාළ මැණික සඳහා ලෝක වෙළෙඳපොළට ප‍්‍රචාරය ලබාදීම තුළින්, විවිධ ධනවතුනට ඇත් දළ මෙන් ‘එකතුවකට’ වටිනා භාණ්ඩයක් බවද හෙතෙම පැවසීය.
 
 මෙය කලාතුරකින් ලැබෙන දුර්ලභ ගණයේ වස්තුවක් වන බැවින් එවැනි භාණ්ඩ එකතු කරන්නන්ට මෙය වඩාත්ම සුදුසු බවද තිලක් වීරසිංහ මහතා වැඩිදුරටත් කීය.

– අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment