මේක සෝමාලියානු පන්නයේ අයවැයක්

68

රටේ ජනතාව අපේක්ෂා කළේ ප‍්‍රගතිශීලී අයවැයක්, නමුත් ලැබුනේ හිස් ප‍්‍රලාපයක් යයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කියා සිටියේය.

ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදී අයවැයක්. නමුත් ලැබුණේ ප‍්‍රතිගාමී පුස්සක්. මේ අයවැයේ කිසිම ව්‍යුහාත්මක බවක් නෑ යැයිද සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළේය.

අයවැය හිගය අවම කරන සැලැස්මක් නැති, ජීවන වියදම උද්ධමනය නිමා කරන්න වැඩපිළිවෙළක් නැති, ජන ජීවිත ගොඩනගන වැඩපිළිවෙළක් නැති, ගොවියා නගාසිටුවන ක‍්‍රමවේදයක් නැති, ආදායම් උත්පාදන  ක‍්‍රමවේදයක් නැති, කෙටියෙන් කීවොත් මේ අයවැය, රට සෝමාලියානු පන්නයේ අයවැයක්, මේක ජනතාව රවට්ටපු අයවැයක් යැයිද ඒ මහතා සඳහන් කළේය.

කෙටි කාලීන, මධ්‍යකාලීන දිගුකාලීන වැඩපිළිවෙළක් නැති හිස් ලියවිල්ලක්. ව්‍යසනයෙන් පීඩා විදින ජනතාවට අයවැයෙන් තවත් ප‍්‍රහාරයක් එල්ල වුණා. ඒ විතරක් නෙවේ, රාජ්‍ය සේවකයින්ට, පෞද්ගලික අංශ සේවකයින්ට කිසිම වැටුප් වර්ධක කිසිවක් නැති අයවැයක්. කොටින්ම කීවොත් ජනතාව අමතක කොට තමන්ගේ හෙංචයියන්ට උවමනා විදිහට හදපු ලියවිල්ලක් යැයිද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment