මේක හරියට උඩුගම් බලා පීනනවා වගේ වැඩක් – බුද්ධික ජයවර්ධන

276

හොලිවුඩ් ගිහින් මියුසික් වීඩියෝ එකක් හදනවා….
‘තාල ගම්‍ය
වෙනස්ම ප්‍රසංග මාලාවක්….

අද අපේ කථානායකයා නමින් බුද්ධික ජයවර්ධන. ඔහු කලාවේදී අපට මුණගැසෙන්නේ විටෙක ගීපද රචකයෙක් වගේම තවත් විටෙක ගීත රූප රචනා කරන නිර්මාණකරුවෙක් හැටියට. ඔහු එම්. බී. ප්‍රඩක්ෂන් ආයතනයේ හිමිකරුවා. බුද්ධික ලංකාවට වෙනස්ම ප්‍රසංග මාලාවක් තිළිණ කරන්නයි සූදානම් වන්නේ. එය නම් කරලා තියෙන්නේ තාල ගම්‍ය කියලා. තාල ගම්‍ය ප්‍රසංග මාලාවට BRIO කියලා බෑන්ඩ් එකකුත් නිර්මාණය කරලා. ඉතිං ඒ බෑන්ඩ් එකත් හෙට අනින්දාට එළි දක්වනවාලු. මේ සියල්ල ගැන කතා බහ කරන්න අපි බුද්ධික ජයවර්ධනට කතා කළා මේ එහි පෙළ ගැස්මයි.

මේක හරියට උඩුගම් බලා පීනනවා වගේ වැඩක් - බුද්ධික ජයවර්ධන

● බුද්ධික ජයවර්ධන ගීපද රචනයට යොමුවුණේ කොහොමද?

මුලින්ම මම ගී පද රචනයට යොමුවුණේ විනෝදාංශයක් හැටියට. ගීත කිහිපයක් ලියද්දී හොඳ ඉඩක් ලැබුණා. ඒ නිසාම දිගටම ගී පද රචනාවට යොමුවුණා.

● ඔබ ගී පද රචනා කළ ගායක ගායිකාවන් ගැනත් කතා කළොත්?

දැනට ඇත්තටම නන්දා මාලිනී මිස්ගේ ඉඳලා ප්‍රවීණ ගායක ගායිකාවන්ට වගේම නවක ගායක ගායිකාවන්ටත් ගී පද රචනා කරලා තිබෙනවා. නම් වශයෙන් ගත්තොත් ජගත් වික්‍රමසිංහ” අමල් පෙරේරා” තීක්‍ෂණ අනුරාධ” ආදිත්‍යා වැලිවත්ත” අසංක ප්‍රියමන්ත පීරිස්” සෙන්ටි්‍ර ග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම” චන්ද්‍රසේන හෙට්ටිආරච්චි” ශර්ලි වෛජයන්ත” කුමාරසිරි පතිරණ වගේ රැසකටම මම නිර්මාණ කරලා තියෙනවා. ඒ වගේම මේ දිනවල උමාරියා සිංහවංශටත් ගීතයක් කරනවා.

● ලතා වල්පොලගේ මුණුබුරාටත් ගීතයක් කරා නේද?

ඔව්. මම ලතා වල්පොලගේ මුණුබුරා වන ගීතාන් බණ්ඩාරටත් ගීතයක් කළා. ගීතාන් බණ්ඩාර කියන්නේ මහින්ද බණ්ඩාරගේ පුතා. ගීතාන්ගේ ගීතය නුඹ තරම් කියලා තමයි නම් කරලා තියෙන්නේ.

● මෑත කාලයේ දමිත් අසංකටත් ගීතයක් ලියැවුණා.

දමිත් අසංකටත් ලියැවුණේ වෙනස් නිර්මාණයක්. මම හිතන්නේ දමිත් අසංකත් රූප රචනාවකට පවා යොමුවුණේ අවුරුදු හතකට අටකට විතර පස්සේ. ඔබ මට සිහිවෙන කියලා තමයි ගීතය නම් කරලා තියෙන්නේ.

● ඔබට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?

මේක හරියට උඩුගම් බලා පීනනවා වගේ වැඩක් - බුද්ධික ජයවර්ධන

ඇත්තටම මට ගායන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් වගේම නවකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර හින්දමයි මම මේ ගීත රචනා කලාවට යොමුවුණේ.

● ඔබ ගීත රූප රචනා පවා නිර්මාණය කරනවා?

එම්. බී. ප්‍රඩක්ෂන් කියන ආයතනය හරහා තමයි මම ගීත රූප රචනා නිර්මාණය කරන්නේ. මෙහි ප්‍රධාන ආයතනය තියන්නේ ඔස්ටේ්‍රලියාවේ. ලංකාවෙත් ශාඛාවක් තිබෙනවා. වෙනස්ම ගීත රූප රචනා කලාවක් ලංකාවේ රසිකයන්ට දෙන්න තමයි මම නිතරම උත්සාහ කරන්නේ.

● ගී පද රචනාවෙහි ඔබේ පුද්ගලික අත්දැකීම් එහෙමත් ලියැවිලා තියෙනවාද?

පුද්ගලික අත්දැකීම් එහෙමත් තියෙනවා. අද කාලේ හැදෙන රැල්ලට යන ගීතවලට වඩා හැම ගීතයකටම අර්ථයක් ඇතිව තමයි මම නිර්මාණ බිහි කරන්න උත්සාහ කරන්නේ. 70” 80” 90 දශකයේ බිහිවුණ නිර්මාණවල ආභාෂය එක්ක තමයි මම ගීත නිර්මාණය කරන්නේ. මම කොහොමත් මගේ වචන ටිකක් එකතු කරලා ගායකයාට හෝ ගායිකාවට තනුවක් දාගෙන කියන්න ලියන්නේ නැහැ. විශේෂයෙන් මම නම් රැළිවලට සින්දු ලියන්නේ නැහැ.

● ඔබලා ගෙන එන අක්ෂරය ප්‍රසංගය ගැන කතා කළොත්?

ගී පද රචනයට මූලික වෙන්නේ අක්ෂර. අක්ෂර කියන්නේ අකුරු කියන අදහසනේ. මෙම ප්‍රසංගය අපි රටවල් දොළහකට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මුල්ම ප්‍රසංගය පෙබරවාරි මාසයේ ඔස්ටේ්‍රලියාවෙන් ආරම්භ කරනවා. මෙම ප්‍රසංගයේ තිබෙන තවත් සුවිශේෂත්වය තමයි අක්ෂරයට සහභාගි වන කුමාරිසිරි” අසංක ප්‍රියමන්ත” චන්ද්‍රසේන හෙට්ටිආරච්චි” ශර්ලි වෛජයන්ත එදාට මම ලියපු ගීත හතරම එළිදක්වනවා.

මේක හරියට උඩුගම් බලා පීනනවා වගේ වැඩක් - බුද්ධික ජයවර්ධන

● ඔබ ලංකාවේ පවත්වන තාල ගම්‍ය ප්‍රසංගය ගැනත් කතා කරමු නේද?

අපි බලාපොරොත්තු වෙන්නේ යන රැල්ලට වඩා වෙනස් දෙයක් කරන්න. මේක අමාරුයි. හරියට උඩුගම් බලා පිහිනනවා වගේ වැඩක්. නමුත් මම නිතරම උත්සාහ කරන්නේ වෙනස් දෙයක් මිනිස්සුන්ට ලබාදෙන්න. ඒ හින්දා තාල ගම්‍ය කියන්නේ තවත් කොන්ස්ර්ට් එකක් නෙමෙයි.

● තාලගම්‍ය ප්‍රසංගයේ සුවිශේෂත්වය?

තාලගම්‍ය කියන්නේ යුග කිහිපයක් එකතු කරලා කරන වෙනස්ම වැඩක්. අපි මෙහි මුල්ම ප්‍රසංගයට සෙන්ටි ග්‍රේඩ්ස්” චාමර වීරසිංහ” විල්ස් වගේ වෙනස්ම පිරිසක් එකතු කරගෙන වෙනස්ම සංකලනයක් රසිකයන්ට තිළිණ කරනවා. අපි මේ ප්‍රසංගය මුලින්ම නුවර සහ කොළඹින් ආරම්භ කරලා රට පුරා ගෙනියන්න තමයි සූදානම් වෙන්නේ.

● ඔබේම කියලා සංගීත කණ්ඩායමකුත් පටන් ගන්නවා කියල ආරංචියි?

ඇත්තටම අපි දැන් ලංකාවේ විතරක් නෙමෙයි විදෙස් රටවලත් ප්‍රසංග සංවිධානය කරන හින්දා අපි හිතුවා මටම කියලා සංගීත කණ්ඩායමක් තිබුණා නම් හොඳයි කියලා. මම ලියපු ගීතවලට ගොඩක් වෙලාවට සංගීතය සපයලා තිබෙන්නේ චන්ද්‍රා ජොවෙල්. දැන් මම ඔහුත් සමග එකතුවෙලා BRIO කියලා සංගීත කණ්ඩායමක් ආරම්භ කළා.

මේක හරියට උඩුගම් බලා පීනනවා වගේ වැඩක් - බුද්ධික ජයවර්ධන

● කවදාද BRIO කලඑළි බසින්නේ?

ගොඩක් වෙලාවට අපි මේ බෑන්ඩ් එක ජනවාරි මුල් සතියේ එළිදක්වන්න හිතාගෙන ඉන්නවා. චන්ද්‍රා ජොවෙල් තමයි බෑන්ඩ් එකේ ප්‍රධානියා. තවත් අපේ සගයන්ගේ එකතුවක්. මේක ඇත්තටම එකෝස්ටික් බෑන්ඩ් එකක්.

● අද කාලේ බෑන්ඩ් එකක් රසිකයන් අතරට ගෙනියනවා කියනන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි නේද?

ඔව්. ඇත්තටම ඕනෑ අපිට තවත් බෑන්ඩ් එකක් හදලා වෙඩින් එකක් ප්ලේ කරලා ෂෝ එකක් ගහලා එහෙමත් නැතිනම් කොන්ස්ර්ට් එකක් ප්ලේ කරන බෑන්ඩ් එකක් හදන්න නෙමෙයි. අපි අපේ කොන්සර්ට් ජාත්‍යන්තර මට්ටමට අරගෙන යනවා. තාලගම්‍ය අක්ෂරය ප්‍රසංගවලට වෙනස්ම හැඩයක් දෙන්න පුළුවන් බෑන්ඩ් එකක් තමයි හදන්නේ. BRIO කියන්නේ නිකන්ම නිකන් බෑන්ඩ් එකක් නෙමෙයි.

● හොලිවුඩ්වල වැඩක් කරන්න සූදානම් වෙනවා කියන්නේ ඇත්තද?

ඔව්. අපි අපේ අලුත්ම මියුසික් වීඩියෝ එක හොලිවුඩ්වල කරන්න තමයි සූදානම් වෙන්නේ. මේක ඇත්තටම උපහාර ගීතයක්. මගේ අම්මටයි” තාත්තටයි තමයි මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. ඒකේ විෂුවල් එක තමයි හොලිවුඩ්වල කරන්න සූදානම් වෙන්නේ. ගීතය ගායනා කරන්නේ ශෂිකා නිසංසලා සහ ගීතාන් බණ්ඩාර.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment