‘මේඞ් ඉන් ශ‍්‍රී ලංකා’ සන්නාමය සහිත වාහන හැදීමට අපට හැකියාව තිබෙනවා – කර්මාන්ත ඇමැති විමල් වීරවංශ

320

‘මේඞ් ඉන් ශ‍්‍රී ලංකා’ සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා පා තැබීමට අපට හැකියාව ඇති බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

පෙරේදා (26වැනිදා) මහින්ද්‍රා අයිඩියල් ලංකා ආයතනය සිය මතුගම, වැලිපැන්න පිහිටි වාහන එකලස් කිරීමේ අංගණයේදී 30%ක දේශීය අගය එකතු කිරීමක් සහිතව, පළමුවරට දේශීයව එකලස් කරන ලද Bolero City Pik Up රථය වෙළඳපොළට හඳුන්වාදීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

කර්මාන්ත අමාත්‍යංශය අපි භාර ගත්තාට පසුව අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේද කැපවීමෙන් ඉතාම කෙටි කාලයක් තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයට අදාළ සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) සකසා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර එයට පූර්ණ අනුමැතිය ලබාගැනීමට හැකි වුණා. එම සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීම මගින් අපි බලාපොරොත්තු වුණේ දේශීය වශයෙන් වාහන නිපදවීමේ ප‍්‍රවණතාව, එහෙම නැතිනම් දේශීය වශයෙන් අගය වැඩි වැඩියෙන් එකතු කරමින් වාහන එකලස් කිරීමේ කර්මාන්තය ඉතාමත් ප‍්‍රබල ඉදිරි ගමනක් කරා රැුගෙන යන්න. ඒ වන විට රජය රට තුළ පැවැති ආර්ථිකමය විශේෂ හේතු මත වාහන ආනයනය නතර කර තිබුණා. ඒ නිසාම මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ යෙදී සිටි අයට මෙන්ම යෙදී නොසිටි අයට මෙම ක්ෂේත‍්‍රය කරා අවතීර්ණ වන්න එයත් එක්තරා ආකාරයක අපේක්ෂා නොකළ උත්තේජනයක් වුණා.

අද මේ එළිදක්වනු ලබන Bolero City Pik Up රථය ගත්තත් සියයට 30ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක දේශීය අගය එකතු කිරීමක් සිදු කර තිබෙනවා. එමගින් දේශීය වශයෙන් වාහන උපාංග නිපදවන පිරිසට ඔවුන්ගේ ආදායම් වැඩි කර ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම අපේ තරුණ දරුවන්ට ඔවුන්ගේ තාක්ෂණික දැනුම මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්තයට එකතු කිරීමටද හැකිවී තිබෙනවා. ඒ ආකාරයට විශාල පිරිසකට මෙමගින් ප‍්‍රතිලාභ රැුසක් ලැබෙන තත්ත්වයක් උදාවී තිබෙනවා. ඒ නිසා ශ‍්‍රී ලංකාවේ අපට වාහන නිපදවීමේ කර්මාන්තය කළ නොහැක්කක් නොවෙයි. අපි ක‍්‍රමානුකූලව ගමන් කරමින් සිටින්නේ ඒ දෙසට. මම හිතනවා මේ ආයතනයට ලබන අවුරුද්ද වනවිට මීටත් වඩා දේශීය අගය එකතු කිරීමක් සිදු කරන්න පුළුවන්කම තිබෙනවා කියා. එමගින් දේශීය වශයෙන් නිපදවනු ලැබූ ‘මේඞ් ඉන් ශ‍්‍රී ලංකා’ සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා ගමන් කිරීමට අපට පුළුවන් වේවි, කියන විශ්වාසය අපට තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ අයිඩියල් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ හා සභාපති  නලින් වෙල්ගම මහතා:

අයිඩියල් මෝටර්ස් සහ M&M දශකයක පමණ කාලයක් තිස්සේ සහයෝගයෙන් කටයුතු කරමින් පාරිභෝගිකයන් වෙත උපරිම වටිනාකමක් ඇති නිපැයුම් පෙළක් දායාද කරන්නට සමත්ව තිබෙනවා. දේශීය සැපයුම්කරුවන් සවිබල ගන්වමින් දේශීයත්වයේ අගය මෙම නව Bolero City Pik-up  රථයට එක් කරන්නට හැකි වීමත් විශේෂත්වයක්. ‘ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත’ පළමු Pick up රථය වන මෙය මෙරට වෙළෙඳපොළටත් වඩාත් හොඳින් ගැලපෙන නිෂ්පාදනයක්. අපගේ දීප ව්‍යාප්ත මහින්ද්‍රා අලෙවි ප‍්‍රදර්ශනාගාර ජාලය සහ බලයලත් සේවා නියෝජිත ජාලය සමගින් මෙම වාහන මාදිලිය තුළ අපගේ වෙළඳපොළ ප‍්‍රමුඛතාව තහවුරු කරන්නට හැකි වනු ඇති බව අපට විශ්වාසයි යනුවෙන් ප‍්‍රකාශ කළේය.

පාරිභෝගිකයන් වෙත උපරිම වටිනාකමක්  ඇති නිපැයුම් පෙළක් දායාද කරනවා – අයිඩියල් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ හා සභාපති  නලින් වෙල්ගම

පළමුවරට දේශීයව එකලස් කරන ලද Bolero City Pik Up රථය වෙළෙඳ පොළට හඳුන්වාදීමේ අවස්ථාවට එක්වූ (ඡායාරූපයේ වමේ සිට) මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ දේශීය කළමනාකරු හා සාමාන්‍යාධිකාරි ප‍්‍රශාන්ත් කීනි, අයිඩියල් ව්‍යාපාර සමූහයේ උප සභාපති අරවින්ද ද සිල්වා, අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් (විශ‍්‍රාමික) ජෙනරල් දයා රත්නායක, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ඡායාරූපයෙන් දැක්වේ.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment