මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ සීසීසී සහ ද්‍රවිඩ සංගම් පෙරමුණේ

142

මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ නිමාවීමට ආසන්න වෙමින් තිබියදී ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කොළඹ ක්‍රිකට් සමාජය සමත් වූ අතර, ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ද්‍රවිඩ සංගම් ක්‍රිකට් පිල සමත් වෙයි. ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට මුවර්ස් ක්‍රීඩා සමාජය පත්ව සිටින අතර, ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සමත්ව ඇත.

‘ඒ’ කාණ්ඩයේ කණ්ඩායම් 13ක් අතුරින් පෙරමුණට පත්ව සිටින කොළඹ ක්‍රිකට් සමාජය තරග 9කදී ජයග්‍රහණ 4ක් වාර්තා කොට තරගයක් විසඳුමකින් තොරව නිමා කොට ලකුණු 119.795ක් ලබා ඇත. මුවර්ස් ක්‍රීඩා සමාජය තරග 9කදී ජයග්‍රහණ 4ක් වාර්තා කොට තරග දෙකක් විසඳුමකින් තොරව නිමා කොට ලකුණු 93.030ක් ලබා ඇත. මුවර්ස් සමග ආසන්නයේ තෙවැනි ස්ථානයේ සිටින සිංහල ක්‍රීඩා සමාජය ලකුණු 90.940ක් ලබා ඇත්තේ තරග 9කදී ජයග්‍රහණ 2ක් වාර්තා කොට තරගයක් විසඳුමකින් තොරව කිමා කරමිනි.

‘බී’ කාණ්ඩයේ කණ්ඩායම් 13ක් අතුරින් පෙරමුණට පත්ව සිටින ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සමාජය තරග 9කදී ජයග්‍රහණ 4ක් වාර්තා කොට තරගයක් පරාජය වී ලකුණු 115.225ක් ලබා ඇත. එහි දෙවැනි ස්ථානයට පත්ව සිටින යුද හමුදා ක්‍රීඩා සමාජය තරග 10කදී ජයග්‍රහණ 2ක් වාර්තා කොට තරගයක් විසඳුමකින් තොරව නිමා කොට ලකුණු 92.435ක් ලබා ඇත. තෙවැනි ස්ථානයේ සිටින හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය ලකුණු 90.920ක් ලබා ඇත්තේ තරග 10කදී ජයග්‍රහණයක් වාර්තා කොට තරග 3ක් විසඳුමකින් තොරව නිමා කරමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment