මේදය සිරුරට හිතකර සහ අහිතකර වන හැටි

715

කොලෙස්ටරෝල් සිරුරට හිතකරද අහිතකරද ලෙසින් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ බටහිර රටවල සිදුකළ පර්යේෂණයක වාර්තාවක් හුවමාරු වෙමින් පවතී.

එම වාර්තාවේ ඇතුළත් තොරතුරුවල සත්‍යා සත්‍යතාවය කුමක් වුවත් දේශීය සහ ආයුර්වේද වෛi ක්‍රමයට අනුව කොලෙස්ටරෝල්හි ඇත්ත කතාව ගැන විමසා බලමු.

ශරීරය නිර්මාණය වී ඇති ආකාරය අනූව රස, රක්ත, මාංශ, මේද, අස්ථි, ඇටමිදුලු සහ ශුක්‍ර ලෙසින් සප්තධාතූ කොටස්වලින් යුක්තය. මේවා ශරීරයේ නිරෝගී ජීවිතයට අත්‍යවශ්‍යය.

මෙම සප්තධාතු අතර මේදය හෙවත් තෙල් අපට ජීවත්වීමට අත්‍යවශ්‍යය. එය සමේ ආරක්‍ෂාවට ඉතා වැදගත්ය. සම ස්ථර හතරකින් යුක්තය. රෝහිනී, වේදනී, තාමිලා, ආමිලා ලෙසින් ස්ථර හතක් ඇත. මෙම සමේ ස්ථර හත බාහිරින් සිරුරට එන උපද්‍රවවලින් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ආරක්‍ෂා කරනු ලබයි.

ඒ සඳහා ආහාර මගින් ලැබෙන මේදය අක්මාවේ ගබඩා කරගනී. ඊට අමතරව කැල්සියම්, ප්‍රෝටීන් ආදියත් අක්මාවේ ගබඩා කර ගනී.

මෙසේ අක්මාවේ ගබඩා කර ගන්නේ අප බාහිරින් ගනු ලබන ආහාරවල ඇති තෙල්ය. ඒවා හිතකර සහ අහිතකර ලෙස පවතී. විවිධ රසකාරක යෙදූ සහ රසායන ද්‍රව්‍ය මිශ්‍රකර කෘතිමව සකස් කළ තෙල් වර්ගවලින් සැකසූ ආහාර පාන ගත් විට අක්මාවේ තැන්පත් වන්නේ අහිතකර මේදයයි.

මෙමගින් මුත්‍රා මාර්ගය සහ වකුගඩුවල ගල් ඇතිවීමට ද හේතුවේ. රුධිර නාලවල මෙම තෙල් තැන්පත්වී ඒවා සිහින්වීම මගින් රුධිර ගමනාගමනයට බාධා ඇතිවේ. එවිට අධිරුධිර පීඩනය ඇතිවිය හැකියි. ඊට අමතරව පික්තාශයේ ගැටලු අග්න්‍යාසයේ දුර්වලතා, පෙණහලු පිළිකා ආදිය ඇතිවිය හැකිය. වර්තමානයේ පොල් තෙල්, තල තෙල්, අබ තෙල්, මී තෙල්, කුරුඳු තෙල් ආදිය නිපදවීම සඳහා රසායනික ද්‍රව්‍ය මිශ්‍රකරන බව හෙළිවී ඇත. එවැනි තෙල් වර්ගවලින් සැකසූ ආහාර මගින් සිරුරට එක්වන්නේ අහිතකර මේදයයි.

එනිසා පිරිසිදු පොල් තෙල්, තල තෙල්, අබ තෙල් ආදිය භාවිත කර සකසන ආහාර මගින් සිරුරට එක්වන්නේ හිතකර මේදයයි. ඒවා අක්මාවේ තැන්පත් වූවාට අහිතකර නැත.

පිරිසිදු පොල් තෙල් කහ පාටය. එසේ වන්නේ එහි සීනි අධික බව නිසාය. එනිසා පොල් තෙල් හිඳීමේදී කුරුඳු දර භාවිත කර තෙල් හිඳීමෙන් එහි ඇති අධික සීනි ඉවත්වේ.

නිතර කහට තේ පානය, කොත්තමල්ලි වෙනිවැල්ගැට, ඉඟුරු, සුදු ලූනු මිශ්‍රකර තම්බා පානය මගින් සිරුරේ තැන්පත් විය හැකි අහිතකර මේදය ඉවත් වේ. මස් මාංශවල ඇති මේදය අහිතකරවන්නේ කෘතිම ආහාර වර්ග හෝමෝන ආදිය ලබාදී ඇති කරන කුකුළන්, ඌරන් වැනි සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙනි.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0112560121 ඇමැතිය හැකිය.

මේදය සිරුරට හිතකර සහ අහිතකර වන හැටි

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය
කේ. ආර්. අල්විස් වෙදගෙදර,
සුසිලාරාම පාර, මාලබේ.

advertistmentadvertistment
advertistmentadvertistment