මේධානී අද මීටර් 200 මුලික තරගයට

425

කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි කසරානී මෝයි ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී දැන් ක‍්‍රියාත්මක ලෝක කනිෂ්ඨ ශූරතා වයස අවුරුදු 20 න් පහළ මලල ක‍්‍රීඩා තරගාවලියේ තෙවන දිනය වන අද (20) මේධානි ජයමාන්න මීටර් 200 ඉසව්වේ මූලික තරගය සඳහා සහභාගි වන්නීය.

මෙම ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරග හෙට (21) දිනයේ දී ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. පෙරේදා (18) මීටර් 100 ඉසව්වට ඉදිරිපත් වෙමින් අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබමින් ශක්තිමත් වූ මේධානී ජයමාන්න ඇයට සුපුරුදු මීටර් 200 ඉසව්වේ දී ද තම උපරිම දක්ෂතා ප‍්‍රදර්ශනය කරන බවට විශ්වාසය පළ කරන්නී ය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

මේධානී අද මීටර් 200 මුලික තරගයට
advertistmentadvertistment
advertistmentadvertistment