මේනකගේ ගුග්ලි ට නෙහාරා අසුවෙයි

542

ජනප‍්‍රිය රංගන ශිල්පී මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කරනු ලැබූ දෙවැනි ටෙලි නාට්‍යය ‘ගුග්ලි. මේ මස 23 වැනිදා සිට සතියේ දිනවල රාත‍්‍රී හතට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිතයි.

 දක්ෂ සහ ජනප‍්‍රිය රංගන ශිල්පියෙකු ලෙසින් පේ‍්‍රක්ෂකයන්ගේ ආදරය නොඅඩුව දිනාගත් මේනක මේ වන විට ටෙලිනාට්‍ය වලට මෙන්ම චිත‍්‍රපට සඳහා ද රංගනයෙන් දායක වී ඇතිදක්ෂ නළුවකු ලෙසින් බොහෝ දෙනකු හඳුනා ගෙන සිටි මොහු ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ආලියා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට අත් පොත් තැබීයි

 ගුග්ලි කියන්නේ ආලියා ටෙලිනාට්‍යයට වඩා වෙනස් නිර්මාණයක්. ආලියා අධ්‍යක්ෂණය තුළින් මං බොහෝ දේවල් ඉගෙන ගත්තා. නවක අධ්‍යක්ෂකවරයෙක් විදිහට මගේ තිබුණු වැරදි අඩුපාඩුත් හදාගෙන තමයි දෙවෙනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට අවධානය යොමු කළේ. ගුග්ලි කියන වචනය ක‍්‍රිකට් වලට සම්බන්ධ වචනයක්. ගුග්ලි කියන්නේ පා දඟ පන්දු යවන්නෙක් යවන එක්තරා පන්දුවක්. ජීවිතයත් ගුග්ලියක් වගේ. බොහෝ දෙනෙක් නොහිතන පැති වලට අපේ ජීවිත හැරෙනවා. බොහෝ දෙනෙක් නොහිතන දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගුග්ලි කතාව තුළින් මූලිකව කතා වෙන්නේ අපේ ජීවිත ගැන.

මේනකගේ ගුග්ලි ට නෙහාරා අසුවෙයි


 ‘ගුග්ලි. සමීර පියරත්නගේ තිර රචනයක් වන අතර ජනක සම්පත් තඹරවිල විසින් මෙම ටෙලිනාට්‍ය නිෂ්පාදනය සිදු කර තිබේ. ගයාන් වික‍්‍රමතිලක” නෙහාරා පීරිස්” ගිහාන් ප‍්‍රනාන්දු” අමිල අබේසේකර” නදීෂා අලහප්පෙරුම” සරත් කොතලාවල” මනීෂා චංචලා” පූජන දණ්දෙනිය” ප‍්‍රියා රණසිංහ” හෂාන් රත්නායක” දයා වයමන්” ජෙනට් ඇන්තනී

 තිලාන් වර්ණජිත්”සනත් විමලසිරි” දිලූක්ෂි වීරපෙරුම වැනි ප‍්‍රවීණ සහ ජනප‍්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියක් රැුසක් මේ නිර්මාණය සඳහා රංගනයෙන් දායක වේ.

 මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කරනු ලබන නිර්මාණයකට ඔහුගේ බිරිඳ වන නෙහාරා පීරිස් රංගනයෙන් දායක වන ප‍්‍රථම අවස්ථාවද මෙය වේ.

 ‘ගුග්ලි කියන්නේ ආදරණීය නිර්මාණයක්. මේ නිර්මාණය ඇතුළේදි වැඩිහිටි පේ‍්‍රක්ෂකයන්ට මෙන්ම ළමා පරපුරටත් රස විඳින්න දෙයක් තියෙනවා. බාල මහලූ භේදයක් නැතුව හැම දෙනාටම ගුග්ලි අලූත්ම අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා..

 ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට අමතරව සුපුරුදු පරිදි මේනක රඟපෑම් කටයුතුවලද නිරත වේ. මේ දිනවල හිරු ටීවී ඔස්සේ විකාශය වන රැුල්ල වෙරලට ආදරෙයි සහ සියත ටීවී ඔස්සේ විකාශය වන රේස් ටෙලිනාට්‍ය හරහා මේනකගේ රංගන කෞශල්‍යයන් පේ‍්‍රක්ෂකයාට දැකබලා ගත හැකිය.

 රංගනය වගේම අධ්‍යක්ෂණය කියලා කියන්නෙත් අපූරු අත්දැකීමක්. මේ දවස් වල ගුග්ලි දෙවන අදියරේ රූපගත කිරීම් සිදු කරමින් පවතිනවා. උඩවලව” කොළඹ මූලික කරගෙන අපි ගුග්ලි රූගත කිරීම් සිදු කළා.



 නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment