මේස පන්දු කණ්ඩායම දිවයිනට

226

කටාර් දේශයේ පැවති 25 වැනි ආසියානු ශූරතා මේස පන්දු තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා ප‍්‍රදර්ශනය කළ ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ඊයේ (07දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියහ.

කාන්තා කණ්ඩායම් තරගාවලියේ 12 වැනි ස්ථානය සහ පිරිමි කණ්ඩායම් තරගාවලියේ 18 වැනි ස්ථානය හිමි කර ගනිමින් මෙරට මේස පන්දු ඉතිහාසයේ ඉහළම දක්ෂතාවය ප‍්‍රදර්ශනය කිරීමට ශ‍්‍රී ලංකාවට මෙවර හැකි විය.

එමෙන්ම මුතුමාලී ප‍්‍රියදර්ශනී කාන්තා කේවල තරගාවලියේ 16 වටයට සුදුසුකම් ලැබීය. සෙනුර සිල්වා, බීමන්දී බණ්ඩාර සහ තනුෂී රුද්‍රිගු 32 දෙනාගේ වටයට වරම් ලබා ගැනීමට සමත් වීම ද මෙහි දී කැපී පෙනුණි.

මෙම තරගාවලියට සහභාගී වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හා නිලධාරීන් දිවයිනට පැමිණීමෙන් ඉක්බිතිව ශ‍්‍රී ලංකා ටේබල් ටෙනිස් සම්මේලන සභාපති මෙන්ම අභිනව දකුණු ආසියාතික මේස පන්දු සම්මේලන සභාපති රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment