මේ අයවැය ගැන කියන්න ලැජ්ජයි – ඩිලාන් පෙරේරා

514

* මෙහෙම පාර්ලිමේන්තුවකට ආපසු  එනවාදැයි දෙගිඩියාවකින් ඉන්නවා

තවදුරටත් මෙවැනි පාර්ලිමේන්තුවකට යෑමට ඡන්දය ඉල්ලනවාද නැද්ද කියලා  දෙගිඩියාවකින් දැන් තමා සිටින බවත්, මෙවර අයවැය මඩ, පච පුද්ගල අපහාසවලින් පිරුණු අයවැයක් බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

බදුල්ලේ පැවැති රැුස්වීමකදී හෙතෙම එසේ පැවසූ අතර එහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා මෙසේද කීය.

මේ මම සහභාගිවූ 27 වැනි පාර්ලිමේන්තු අයවැය. තවදුරටත් මේ වගේ පාර්ලිමේන්තුවකට යන්න ඡුන්දෙ ඉල්ලනවද නැද්ද කියලා උභතෝකෝටික ප‍්‍රශ්නයක් එක්ක මම

දෙගිඩියාවෙන් ඉන්නේ. අපි බදුල්ල දිස්ති‍්‍රක්කයේ කියන්න ලැජ්ජයි. දැන් තියෙන පාර්ලිමේන්තුව ගැන කනගාටුවට පත්වෙනවා. මේ අයවැය තරම් මඩ, පච, පුද්ගල අපහාස දැක්කේ නැහැ. මේ අයවැය ගැන කියන්න ලැජ්ජයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment