මේ ආණ්ඩුව ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදුරාගෙන- විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස

119

* ජනතාව අද දුක් ගින්නක – නැති බැරිකම වර්ධනය වෙලා

මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවක් අද දුක් ගින්නෙන් පෙලෙන්නේ, අද බඩගින්නේන් පෙලෙන්නේ, පිපාසයෙන් පෙලෙන්නේ, එන්න එන්නම නැතිබැරිකම වර්දනය වෙනවා. එන්න එන්නම දුප්පත් ප‍්‍රතිශතය වර්ධනය වෙනවා. මේ රටේ ජනතාවට අද ජීවත් වෙන්න බැහැ. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය මේ අලූගෝසු ආණ්ඩුව උදුරාගෙන තියෙනවා. මේ රටට අවශ්‍ය මනුෂ්‍යත්වය රජකරන ආණ්ඩුවක් මනුස්සකමට මුල්තැන දෙන ආණ්ඩුවක්. මනුස්ස ජීවිත සුරකින ආණ්ඩුවක්. මිනිස් සම්පත සුරකින ආණ්ඩුවක්. ඒ ආණුඩුව වෙන මොකක්වත් නොවෙයි මිනී නොමරන ජනතාව ජීවත් කරවන ජනතාව ශක්තිමත් කරවන මවු පරපුර දරු පරපුර තරුණ පරපුර රටවැසි පරපුර පුරවැසි පරපුර ආරක්ෂා කරන සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් කියන එක මම කියනවා. යයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කීය.

විපක්ෂනායකවරයා මෙම අදහස් පළ කර සිටියේ 23 දා මාතර දිස්ත‍්‍රික්කයේ ඌරුබොක්ක නගරයේ පැවැති විරෝධතාවයකට එක්වෙමිනි. බඩු මිල ඉහළ යෑම ඇතුළු ආණ්ඩුවට විරෝධය දක්වමින් මෙම විරෝධතාවය සමගි ජනබලවේගය විසින් සංවිධානය කර තිබිණි. මෙම ස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විරෝධතාකරුවන් සමග ඌරුබොක්ක නගරයේ විරෝධතා පා ගමනින් බස් නැවතුම්පළ අසලට පැමිණ ජන රැුලළයකට එක් විය. මෙම අවස්ථාව සඳහා මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්දික පතිරණ මහතා සහ තවත් බොහෝ පිරිසක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

එම ජන රැළිය ඇමතූ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ,

මිත‍්‍රවරුණි තාම හති වැටුනේ නැහැ. පේ‍්‍රමදාසට ලේසියෙන් හති වැටෙන්නෙත් නැහැ. අද ජන සමාජයම මහා විනාශයකට පත්වෙලා. අද එක එක ටෙලිඩ‍්‍රාමා ර`ගපානවා කැබිනට්එකේ ඇමතිවරු. දැන් ලොකුවට පෙන්නන්න හදනවා විදුලිබල ඇමති තෙල් ඇමති ජනතාව වෙනුවෙන් ලොකු සේවයක් කරනව කියල. නැහැ මිත‍්‍රවරුනි එදාවේල ටුවර්ස් ආන්ඩුවක් මේ තියෙන්නේ. බොරු ර`ගපෑම් පෙන්නනවා. ඔබලාට මතක ඇති එදා නාග රාජයා පෙන්නලා ජනතාව රවට්ටපු ආකාරය. එදා ගංගා වලට මුට්ටි දමල ජනතාව රවට්ටපු ආකාරය. මතකද ජනතාවට වැක්සීන් එක නෙවෙයි ජනතාවට කිව්වේ පැණිය හොඳයි කියල. පැණියෙන් වරදින කොට පැණියෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට වරදිනකොට පැණිය ආණ්ඩුවේ ඇමතිවරුන්ට වරදිනකොට තරු පෙනිල අපේ ඉල්ලීමට වැක්සීන් එක අපේ රටට ගෙන්වූයේ. එතකන් හිටියේ පැණිය මත එතකම් තීන්දු ගත්තේ පැණිය ප‍්‍රවර්ධනය කරන්න. නිකමට හිතන්න පැණිය ප‍්‍රවර්ධනය කළානම් වර්ධනය කළානම් අද මරණ කීයක්ද කියන එක හිතල බලන්න.

මේ රට් අනාගතය භාරගන්න නම් දුර දක්නා නුවණින් යුතු රජයක් බිහිකළ යුතුයි. ජනතාවාදී දර්ශනයක් ජනතාවාදී වැඩපිළිවෙළක් ජනතාව ආරක්ෂා කරන ජනතාව ශක්තිමත් කරන ජනතාව සංවර්ධනය කරන රට ප‍්‍රගතියක් කරා ගෙන යන අනාගත දැක්මක් ඇති රජයක් තමයි අවශ්‍ය වෙන්නේ.

කොරෝනා ගැන පළමුවෙන්ම පාර්ලිමේන්තුවේ කතා කරල මේ අවදානම් තත්වය ගැන පෙන්නල දුන්නේ අපි. කවුද මුව ආවරණ ටික අවශ්‍යයි කියල කියල දුන්නේ. එහෙම කියනකොට සෞඛ්‍ය ඇමතිවරිය මට හිනා වුනා.

මට කිව්වා විහිළු කරන්න එපා කියල. මට කිව්වා මුහුණු ආවරණවලින් වැඩක් නැහැ කියල. දැන් කියනව හැමෝටම මුහුණු ආවරණ පලඳින්න කියල.

මෙම අවස්ථාව හක්මන ආසනයේ සමගි ජනබලවේගයේ සංවිධායක රංජිත් මුනසිංහ මහතා විසින් සංවිධානය කර තිබිණි.

ඕමල්පේ ප‍්‍රගීත් ජනක
 

advertistmentadvertistment
advertistmentadvertistment