මේ ආණ්ඩුව බලයට ආවත් හරි ලක්‍ෂ 6ක් රට හැර යන්න හදනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

187

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව වෙනත් රටවලට ඇතුළු වීම් සඳහා ශ‍්‍රී ලාංකිකයන් ලක්ෂ 06කට අධික සංඛ්‍යාවක් මේ වනවිට මෙරට තානාපති කාර්යාල සහ මහා කොමසාරිස් කාර්යාල හරහා වීසා අයැදුම් කර ඇතැයි හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (15 දා) මාධ්‍ය හමුවකට එක්වෙමින් ප‍්‍රකාශ කළේය.

මෙලෙස වීසා අයැදුම් කර ඇති පිරිසෙන් බහුතරයක් සිංහල බෞද්ධයන් වීම සුවිශේෂ කාරණයක් බවද, මේ අන්දමින් උගතුන්, වියතුන්, ව්‍යාපාරිකයන් හා වෘත්තීයවේදීන් රටහැර යෑමෙන් සිදුවන බුද්ධිගලනය නිසා අනාගත

ශ‍්‍රී ලංකාව ලොව තුළ විවිධ අංශයන්ගෙන් පසු බැස්මකට ලක්වීම නොවැළැක්විය හැකි කරුණක් බව ද හෙතෙම පැවසීය.

මෙලෙස වැඩිම පිරිසක් වීසා අයැදුම් කර ඇත්තේ මේ වසරේ බව කී ඒ මහතා එය ශ‍්‍රී ලාංකිකයන් වීසා අයැදුම් කිරීමේ ප‍්‍රතිශතය මෙතරම් ඉහළ ගිය මෑත කාලයේ ප‍්‍රථම අවස්ථාව මෙය බව ද හෙතෙම කීවේය. ශ‍්‍රී ලාංකිකයන් වීසා අයැදුම් කර ඇති රටවල් අතර යුරෝපා රටවල්, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍්‍රලියාව සහා කැනඩාව ප‍්‍රමුඛස්ථානයේ සිටින බව වීසා නිකුත් කිරීමේ සේවාවලින් තහවුරු වූ බවත් එයට ප‍්‍රධාන හේතුව වර්තමාන රජය ආර්ථිකය හැසිරවීම සහ රටේ ස්ථාවර භාවයකින් තොරව රට පාලනය කිරීම නිසා බහුතර ශ‍්‍රී ලාංකික පිරිස් ශ‍්‍රී ලංකාවෙන් පිටවී යෑමට ප‍්‍රමුඛත්වය දී කටයුතු කිරීම බවත් හෙතෙම පැවසීය.

රට තුළ මෙවැනි තත්ත්වයක් ඇති වීම ආර්ථිකයටත් අනාගතයටත් දැඩි ලෙස බලපාන බව වජිර අබේවර්ධන මහතා තව දුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment