මේ ආණ්ඩුව බලයට ආවේ පාස්කු ප‍්‍රහාරය විකුණලයි – මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මීගමුවේදී කියති

237

වත්මන් රජය බලයට පත්වූයේ පාස්කු ප‍්‍රහාරය සම්පූර්ණයෙන් විකුණලයි. ජාතිවාදය ආගම්වාදය වපුරල බලය අල්ලගත්තත් ඒ බලය හරියාකාරව පාවිච්චිකරන්න මේ අය දන්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මීගමුව ග‍්‍රීන්ස්පාක් පිට්ටනියේ ඉකුත් 9 දා පැවැති විරෝධතා රැුළියේදී ජනතාව අමතමින් පැවැසීය.

මෙම රැුළිය මීගමුව ජනතා හඬ සහ කතෝලික සාසනාරක්‍ෂක මණ්ඩලය විසින් සංවිධානය කොට තිබිණි. මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයන්ට ආරාධනා කර තිබුණු අතර මුස්ලිම්, හින්දු පූජකවරුන් පැමිණියද මහා සංඝරත්නය වැඩම කළේ නැත. ධීවර ජනතාව කිතුනු ජනතාව, කිතුනු පූජා ප‍්‍රසාදිවරුන් කන්‍යා සොහොයුරින් ඇතුළු 3000කට අධික පිරිසක් විරෝධතා රැුළියට සහභාගි වූහ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කාදිනල්තුමා මෙසේද පැවැසීය.

පාස්කු ප‍්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනතාවට එරෙහි විශාල විරෝධතාවයක් එල්ලවුණා. ඔවුන් තාඩන පීඩනවලට ලක්වුණා. ඔවුනට බිය ඇතිවුණා. එදා අපිට වැටහුණා මේක කුමන්ත‍්‍රණයක් බව. ඒ බව දැනගෙන මුස්ලිම් ජනතාවට කිසිදු හිරිහැරයක් කරන්න එපා කියල අපි ඉල්ලා සිටියා. දැන් ඒ කුමන්ත‍්‍රණය එළිවෙමින් පවතිනවා. ජාතිවාදය පතුරුවලා කුමන්ත‍්‍රණවලින් බලය අල්ලගත් රජයට ඒ බලය ර`දවා ගන්න බැරිවෙලා තියෙනවා දේව ශාපය නිසා. ඉන්දියාවේ සමහර දේශපාලනඥයන් අපේ රටේ කටයුතුවලට මැදිහත්වී ඇඟිලි ගහනවා. මේ රට සූරාගෙන කාපු රාජපක්‍ෂ පවුලේ සමහරුන් දැනටත් රටහැර පැනල ගිහින්. දැන් ඒවා තියෙද්දී පාර්ලිමේන්තුව තුළ රජයත් – විපක්‍ෂයත් නාට්‍ය රඟදක්නවා. ඒනිසා ඒ අයට නාට්‍ය රඟ දැක්වීම නවත්තලා ගෙදර යන්ඩයි කියන්න තියෙන්නේ.

ජනාධිපති කොමිසමේ නිර්දේශ රජය ක‍්‍රියාත්මක කළේ නැහැ. මේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන්න නීතිපතිවරයාට බලයක් නැහැ. නීතිපතිවරයා අද රජයේ වහලෙක් වෙලා. රජයට අවශ්‍ය දේ විතරක් කරන්න නීතිපතිවරයා අසරණ තත්ත්වයට පත්වෙලා යැයි අගරදගුරුතුමන් තවදුරටත් පැවැසීය.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment