මේ කාලවිපත්තියෙන් පසු අපේ රට කෙසේවේ ද?

1728

අප රටට දැන් මේ ගත වන්නේ කාල විපත්ති යුගයයි. ඒ අතර ග්‍රහ මණ්ඩලයේ ප්‍රබලයෙක් වූ සෙනසුරු අප්‍රේල් 29 දා කුම්භ රාශි ගතවිය. කුම්භ රාශිය සෙනසුරුගේ මහ ගෙදරයි. ඔහු අප්‍රේල් 29 දා පැමිණියේ වසර 30කට පසුවය. අවුරුදු 30කින් පසු මහ ගෙදරට ආ විශ්වයේ තීරක බලයක් උසුලන සෙනසුරු 2025 ආසන්න වනතුරුම එහි සිට කරන්නට බලාපොරොත්තුවන දේවල් මොනවා දැයි අපි විමසා බලමු.

 කුම්භ යනු ලංකා කේන්ද්‍රය බව ද අපි දනිමු. විශ්ව කේන්ද්‍රයට අනුව එහි 11 වැන්න කුම්භයයි. 11 වැන්නෙන් ප්‍රකාශ වෙන කරුණු කාරණවලට අනුකූලව සිතුම් පැතුම් ඉටුවීම, ආදායම් සුබවීම, සමාජ සම්බන්ධතා පුළුල්වීම ආදී කරුණු රාශියක් පවතී. එය තව දුරටත් විග්‍රහ කර බැලුවොත් බලාපොරොත්තු සියලු මාර්ගවලින් ලැබෙන ආදායම්, සමාජ ජයග්‍රහණ, අසනීපවලින් සුවය, පරාධීනත්වය, සියලු මාර්ගවලින් අත්කර ගන්නා ලාභ ආදී වශයෙන් විග්‍රහ කළ හැක.

 විශ්ව කේන්ද්‍රයේ 11 වැන්න අධිපතියා වූ සෙනසුරු තම මහ ගෙදර වූ ලංකා කේන්ද්‍රය වූ කුම්භ රාශි ගතවීම සමග දැන් මේ රටේ පවතින කාලවිපත්තිය දුරු කිරීමට යම් ආකාර හේතුවක් බවට පත්වන අන්තර් වාර පාලනයකට රට පත්වේ. එය මේ කාලවිපත්තිය දුරුවීමට සහමුලින්ම හේතු භූත නොවුණත් එය යම් ආකාර ආරම්භයක් බවට පත්වෙයි. විශේෂයෙන් සෙනසුරු සාමාන්‍ය මහ ජනයා, කම්කරුවා වෙනුවෙන් නියෝජනය වේ. එම නියෝජන වීම යනු ජනතාව දරන දුකට අධිපතියා වීමයි. ඒ දුක විඳීමේ ශක්තිය බටව පත්වෙයි.

 කුම්භ රාශියේ ශනිගේ බලය වැඩි වෙයි. මේ බලය ජනතාව ලබන බලයක් වෙයි. අද පවතින්නා වූ ජනතා අරගලය ජයගනිමින් අන්තර්වාර පාලනයක් ඇතිවන ඉඩකඩ විවර වෙයි. මෙවැනි පාලනයකට අකමැති තමන්ගේ න්‍යාය පත්‍රයට ජනතාව අන්දන ඇතැම් විරුද්ධ පක්‍ෂ දේශපාලඥයන් කොන් වී යනු ඇත.

 මෙසේ පත්වන අන්තර්වාර පාලනය තුළ ජනතාව දැන් විඳින දුක නිමාවන්නේ නැත. නමුත් ඔවුන්ට යම් විශ්වසනීය බලාපොරොත්තුවක් සහිතව මේ දුක් තව තව දරා ගැනීමට සිදුවේ. ඒවා නම් තෙල්, බෙහෙත්, ගෑස්, බඩුමිල ආදියෙන් පැන නඟින ජීවන ප්‍රශ්නයන්ය. අන්තර්වාර පාලනය යනු ජනතාව තුළ පුපුරා ගිය මේ ප්‍රශ්න කැඳවා විසඳුම් සෙවීමය. අප රටේ තිබූ විදේශ

 ගනුදෙනු සිදුකරන ඇමෙරිකන් ඩොලර් බරපතළ ගසා කෑමකට ලක්කර ඇති නිසා ඉතා බුද්ධිමත් ලෙස මහ බැංකු අධිපති සහිතව අන්තර් පාලනය දියත් වීමට ඉඩකඩ ඇතිවෙයි. එය 2023 වසර දක්වා ම ඒවා සැලසුම් වෙමින් ජනතාවගේ ජීවන ප්‍රශ්නවලට ඉතා සුළු ලෙස පහසුකම් ලැබෙන තත්ත්වය ද ඇති කරයි.

 එසේම මේ වසර තුළ බලය පිළිබඳ අසීමිත තෘෂ්ණාවෙන් තවත් යම් යම් දේශපාලනඥයන් මතුකරන දෙපැත්ත කැපෙන අදහස් ආකල්ප ආදිය ද ජනතාව වෙත මුදා හරිමින් ඒ අන්තර්වාර පාලනය ද බිඳ දමන්නට යම් යම් ක්‍රියා මාර්ග ගනී. ඒ ලංකා කේන්ද්‍රයට සෙනසුරුගේ පැමිණීමෙන් ඇතිවන එරාෂ්ටක තත්ත්වයේ ප්‍රතිඵල වශයෙනි. ඒනිසා අන්තර්වාර පාලනයට වචනයෙන් කිව නොහැකි තරම් විශාල අභියෝග හා වගකීම් පැවරෙයි. මේ ඉදිරියේ අන්තර් පාලනය විටෙක දුර්වල වෙයි. විටෙක ශක්තිමත් වෙයි.

 කෙසේ නමුත් අන්තර් පාලනයෙන් ජනතාවට යම් ආකාර සහනයක් ලැබීමට හැකියාව පවතී. විශේෂයෙන් විදේශ රැකියා සම්බන්ධයෙන් රාජ්‍ය අවධානය යොමු වීම් නිතර ඇතිවේ. ඒ අනුව අප රටේ තරුණ පරපුරට විදේශ ගතව රැකියාවල නිරත වීමේ අවස්ථා අනාගතයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවීමේ ඉඩකඩ සැලසේ.

 අන්කවර කාලයකටත් වඩා අප රටේ අය විදේශ ශ්‍රමිකයන් බවට පත්වෙයි. 2027 වැනි කාලයේ මේ තත්ත්වය වඩාත් අප රට තුළ වතිනු ඇත. අන්තර් වාර පාලනයට බඩු මිල පහත හෙළීමේ දුෂ්කරතා මතුවෙයි. අන්තර් වාර පාලන ක්‍රමයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය සංකීර්ණ වෙයි. හේතුව වසර හැට හැත්තෑවක් රට පාලනය කරමින් ජනතාව මුලාකළ පාලකයන් බව මේ ජනතා විරෝධයත් සමග සාක්ෂාත් වූ බැවිනි. ඒ නිසා තෝරාගත යුත්තේ කවුරුන් ද යන්න පිළිබඳව ජනතාවගේ අවධානය ඇති වෙයි.

 සාම්ප්‍රදායික තත්ත්වයෙන් වේදිකාවල සුරංගනා කතා පැවැත්වීමෙන් දේශපාලනඥයන්ට ඵලක් නොවනු ඇත. අනාගත රජයකින් ජනතාව මත වැඩි වැඩියෙන් බර පැටවුවහොත් අද මෙන් ජනතා විරෝධතා ස්වාධීනව යළි මතුවෙයි. නීතිය පවා ජනතා පැත්ත ගනී. මේ කාල විපත්ති යුගයට එරෙහිව පැන නැඟුන ජනතා විරෝධතා කිසිම දේශපාලන නායකත්වයකින් තොරව අනාගතයේ දීත් මතුවන පන්නරය ලැබී තිබේ.

 2025 දක්වා සාමාන්‍ය වෙනසක් රට තුළ ඇතිවේ. එය එක් අතකින් ජනතාවට සහනයක් සේ දැනේ. 2027 පමණ වෙද්දී සෙනසුරු විශ්ව කේන්ද්‍රයට පැමිණීමත් සමග නීච වේ. සෙනසුරු නීච වීමෙන් යම් වාසනා ගුණයක් ඇති නිසා අප රටේ තරුණ පිරිස් රැකියා සඳහා විශාල වශයෙන් විදේශ ගත වෙයි.

මේ කාලවිපත්තියෙන් පසු අපේ රට කෙසේවේ ද?


 ජ්‍යොතිෂවේදී  අගලවත්තේ බී හේරත්
 මහජන ක්‍රිඩාංගණය අසල
 අගලවත්ත
 දු.අංකය -077-2154253

advertistmentadvertistment
advertistmentadvertistment