මේ දේශපාලන සූදුව නතර කරන්න ඕනෑ – ජනක නෙරපන්න චරිතලාගේ සහාය නෑ

323

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේදී සහාය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේය.

මෙය දේපාලන සූදුවක් බවත් එය නැවැත්වීමට පියවර ගත යුතු බවත් ඊයේ (23දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට විරුද්ධව ඇති ප්‍රධාන තර්කය ඔහු කැබිනට්ටුවට සහ ඇමැතිවරයාට අවනත නැති බවයි. ස්වාධීන කොමිසමක කාර්යභාරය කැබිනට්ටුව කියන එක අනුමත කිරීම හෝ කැබිනට් මණ්ඩලය යටතේ සීල් එකක් වීම නොවේ.

ස්වාධීන කොමිසමකට තම නිර්වචනය නිරීක්‍ෂණය සහ නිගමනය සමාජයට ඉදිරිපත් කරන්න ඉඩ තිබෙනවා.

මහ බැංකුව ස්වාධීන කරන්න කියා කෑ ගසන ලිබරල් සමාජය මහජන උපයෝගිතා කොමිසමට සහ එහි ස්වාධීනත්වයට ඇඟිලි ගසන්න එපා කියන්නේ නැහැ. කොළඹ සිවිල් සමාජයේ විශාල පරස්පරතා තිබෙනවා. මෙය දේශපාලන සූදුවක්. එය නැවැත්විය යුතුයි යැයිද නිදහස් ජනතා සභාවේ සාමාජික චරිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment