මේ නවකතාව නුතන සමාජ ඛේදවාචකයේ හරස්කඩක් – බන්දුල සුබසිංහ

108

විද්‍යාවේදී උපාධිධාරියකු වන බන්දුල සුබසිංහ කලක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කළ බලලත් නිලධාරියකු ලෙස රට වෙනුවෙන් තම යුතුකම ඉටු කරන ලද දක්‍ෂ නිලධාරියෙකි. යුදබිමේ ලත් අනතුරක් හේතුවෙන් ඉන් විශ්‍රාම ලබන බන්දුල සුබසිංහ ලේඛනය පිණිස යොමු වන්නේ ඉන් අනතුරුවය. එහි ප්‍රතිඵලයක් ලෙස ක්ලැක්සි ප්‍රියෝන්හී රොබෝවරු නමින් ඔහු විසින් රචිත නවකතාව මේ වන විට පාඨකයන් අතට පත් වී ඇත. පහත පළවන්නේ එම නිර්මාණ කටයුත්ත පිළිබඳව බන්දුල සුබසිංහ සමඟ සිදුකළ කතාබහක්ය.

ක්ලැක්සි ප්‍රියෝන්හී රොබෝවරු’ නමින් ඔබ විසින් රචිත නවකතාව බැලූ බැල්මට දිස්වන්නේ විද්‍යා ප්‍රබන්ධයක් පරිද්දෙන්. ඇත්තටම මෙම ප්‍රබන්ධය එවැන්නක්ද එසේ නොවේ නම් එහි අන්තර්ගතය කුමක්ද?

මේ ලෝකය ගත්විට එහි භෞතික සංයුතියට මිනිසා විසින් බරපතළ හානියක් සිදු කරමින් පවතිනවා. එය අප නිතර නිතර දකින දෙයක් බවට දැනටමත් පත්වෙලා ඉවරයි. මේකට තමයි අපි විසින් සංවර්ධනය කියලා කියන්නෙ. නමුත් මේ කියන සංවර්ධනය කියන වචනයට මුවාවෙලා ලෝකයේ භෞතික සංවර්ධනයට බරපතළම හානිය සිදු කරන්නෙ මිනිසා විසින්. එය කනගාටුවට කරුණක්. පෘථිවිය කියන්නෙ මිනිසා මණක් ජීවත්වන ග්‍රහලෝකයක් නොවෙයි. මිනිසා ඇතුළු තවත් ජීවින් විශේෂ රාශියක් පෘථිවිය කියන ග්‍රහ ලෝකයෙ ජීවත් වෙනවා. මෙන්න මේ සියල්ලන්ගේම සමතුලිතතාවය මත තමයි ලෝකයේ පැවැත්ම රඳා පවතින්නෙ. එය බිඳ වැටීමත් එක්ක ලෝකයේ භෞතික සංයුතිය, ජෛව පද්ධතිය බරපතළ කඩාවැටීමකට ලක්වෙනවා. ලෝකය පුරා සිද්ධවෙන මෙන්න මේ ඛේදවාචකය අපේ රට ඇසුරින් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමක් ලෙස තමයි මේ නවකතාව මා විසින් රචනා කරන්නෙ.

මෙම නවකතාව රචනා කිරීමේදී පරිකල්පනීය වශයෙන් දැඩි වෙහෙසක් ගත් ආකාරයක් දකින්නට ලැබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

මේ නවකතාව නුතන සමාජ ඛේදවාචකයේ හරස්කඩක් - බන්දුල සුබසිංහ


ඇත්තටම ඔව්. මම එසේ සඳහන් කරන්නෙ කාරණා කීපයක් නිසයි. මෙම නවකතාව පිණිස සංකල්පමය වශයෙන් වෙනත් ග්‍රහලෝකයක් සහ එහි ජීවත්වන ජීවීන් මේ නවකතාව ඇතුළෙ ජීවත් වෙනවා. ඒ අය විසින් තමයි පෘථිවියේ ජීවීන් ගහකොළ ඇතුළු අනිකුත් ස්වභාවික සියලු දේ නිර්මාණය කරන්නෙ. මේ නවකතාව ඇතුළේ ඒ අය අමරණීයයි. නමුත් ඔවුන් විසින් ඒ වරම අපට ලබා දෙන්නෙ නැහැ. පෘථිවියේ භෞතික සම්පත් සීමා සහිත වීම තුළ තමයි අමරණීයත්වය අපට ලබා නොදෙන්න ඒ අය තීරණය කරන්නෙ.

ඒ ආකාරයට මනෝමය නිර්මාණය කළ වෙනත් ග්‍රහ ලෝකයක ජීවින් විසින් පෘථිවියේ ජීවත්වන සියලුම ජීවීන් පිළිබඳවත් ඔවුන්ගේ කල්ක්‍රියාවන් හේතුවෙන් පෘථිවියට සිදුවන හානි පිළිබඳවත් රචනා කරන ලද සාහිත්‍යමය නිර්මාණයක් නිසා විiාව පැත්තෙන් වගේම එම විiාත්මක කරුණු සහ තවත් බොහෝ දේ ඊට ආදේශ කරමින් නිර්මාණය කළ නවකතාවක් ලෙස මේ සඳහා දැඩි වෙහෙසක් දරන්නට එහි රචකයා වශයෙන් මට සිද්ධ වුණා.

නමුත් නවකතාවේ 8 වන පරිච්ඡේදයෙන් නිර්මාණයේ මුහුණුවර මුළුමනින්ම වෙනස් කරන්න ඔබ විසින් කටයුතු කරනවා. එය ආකෘතිමය හරඹයක්ද?

මම ඉහත සඳහන් කළ ක්ලැක්සි ප්‍රියෝන්හී රොබෝවරු විසින් පෘථිවිය සම්බන්ධව ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව තමයි 07 වන පරිච්ඡේදය දක්වා කතාබහ කරන්නෙ. එතනින් තමයි කතාව ආරම්භ වෙන්නෙ. පෘථිවිය සම්බන්ධ වර්තාවක් සකස් කිරීම පිණිස තීරණය කරන ඔවුන් එහිදී ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරගන්නවා. අන්න ඒ වාර්තාවේ සඳහන් කරුණු ගැන තමයි මේ නවකතාව පුරාම අන්තර්ගත වෙන්නෙ. ඒ නිසා මම නැවතත් සඳහන් කරනවා ආරම්භයේදී මෙහි විiා ප්‍රබන්ධයක මුහුණුවරක් තිබුණත් එය භාවිතා කරන්නෙ නවකතාව නිර්මාණය කිරීම පිණිස පමණයි කියලා.

විද්‍යාත්මක කරුණු ඇතුළත් නවකතාවක් රචනා කිරීමේදී ඒ සඳහා මනා පරිචයක් තිබිය යුතුයි. ඒ සම්බන්ධව ඔබ සැලකිලිමත් වුණාද?

ජීවවිද්‍යා උපාධිධාරියෙක් ලෙස ඒ සම්බන්ධව විෂයානුබද්ධ දැනුමක් මා සතුව පවතිනවා. ඊට අමතරව විiා පොතපත හා අන්තර් ජාලය හරහා ලබාගත් අමතර දැනුමක්ද සහිතව තමයි මම මේ කටයුත්ත ආරම්භ කරන්නෙ.

ඒ හේතුවෙන් මේ නවකතාව කියවන පාඨකයන් මේ තුළ යම් විiාත්මක ස්වරූපයක් දකිනවා. එතනදී විiාව විෂයක් ලෙස හැදෑරූ අයට මෙය අවබෝධ කර ගන්න පහසුවක් සැලසෙනවා. නමුත් නවකතාවක් ලෙස පොදුවේ ගත්කල අපේ රට මේ මොහොතේ පත්ව ඇති ඉරණම පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මේ නිර්මාණය හරහා කියවාගන්න පුළුවන්කම තිබෙනවා.

එහිදී ඔබ විසින් වැඩි අවධානයක් යොමු කළේ මොන මොන ක්‍ෂේත්‍ර ඇසුරෙන් ඒ පිළිබඳව කතාබහ කරන්නද?

මේ නවකතාවෙ අන්තර්ගතය ගත් විට අපේ රටේ පැවැති යුද්ධය ඒ වගේම දේශපාලනඥයන්ගේ හොරකම් මැරකම්, සත්ත්ව ඝාතනය, පරිසර විනාශය, හරහා සිදුවන ස්වභාවික විපත් ආදිය පමණක් නොවෙයි ආහාර ආදියට වස විෂ එක්වීම, කාන්තා හිංසනය ඇතුළු තවත් අකටයුතුකම් රාශියක් පිළිබඳව මේ නවකතාව තුළින් කතාබහට ලක්වෙනවා. ඇත්තටම රටක් ලෙස අපත් ලෝකයක් ලෙස අන්‍ය ජාතිකයනුත් මේ මොහොතේ අත්විඳින පොදු සමාජ ඛේදවාචකයේ හරස්කඩක් ලෙසත් මගේ නිර්මාණය හඳුන්වන්න පුළුවන්.

මෙම නවකතාව ඇතුළේ යුදමය අත්දැකීම් රාශියක් ජීවමය භාෂාවකින් ඇතුළත්ව පැවතීම විශේෂත්වයක්. එම සජීවී බව ඔබට ලැබෙන්නෙ කොහොමද?

කෘතියට ඇතුළත් ඒ සෑම සිදුවීමක්ම මගේ පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ගොඩනගපු සිදුවීම් ලෙස හඳුන්වන්න පුළුවන්. වසර 08ක් තිස්සේ යුද හමුදා සේවයේ නිරතව හිටිය නිලධාරියෙක් ලෙස ඒ අත්දැකීම්වලට මුහුණදෙන්න මට සිද්ධ වෙනවා. නමුත් යුද බිමේ අත්දැකීම් ඇසුරෙන් නවකතාව හරහා මට කියන්න ඕනවෙලා තිබුණේ යුද්ධය කියන්නෙ පාලකයන්ගේ පැවැත්ම පිණිස ඔවුන් විසින්ම නිර්මාණය කළ දෙයක් කියලයි. ඇත්තටම මගේ නවකතාව හරහා ඒ බව වඩාත් හොඳින් පෙන්වාදෙන්න මට පුළුවන්කම ලැබුණා.

ඔබගේ ප්‍රථම සාහිත්‍ය නිර්මාණය පිණිස මේ වන විට ලැබෙමින් පවතින පාඨක, විචාරක ප්‍රතිචාර මොන වගේද?

1997 වර්ෂයේ ඉඳල මම නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරන අයෙක් ලෙස මගේ ලේඛනය සම්බන්ධයෙන් වෙනස් කියවීමක් මට පෞද්ගලිකව තිබෙනවා. බොලඳ පෙම් හෑලිවලට එහා ගිය හරවත් දෙයක් සමාජය වෙත ප්‍රදානය කිරීමේ අරමුණින් තමයි මම පෑන අතට ගත්තෙ. මගේ ප්‍රථම නවකතාව හරහා ඒ අරමුණ සාර්ථක කරගන්න මට පුළුවන්කම ලැබිල තියෙනවා. දැනට ලැබෙමින් පවතින පාඨක ප්‍රතිචාර

මගින් ඒ බව පැහැදිලි වෙනවා. ඒ පිළිබඳව මා තුළ පවතින්නෙ ලොකු තෘප්තියක්.

සංවාදය
රුවන් ජයවර්ධන






 

advertistmentadvertistment
advertistmentadvertistment