මේ මාසයට නියමිත විභාග 13 ක් කල්යයි

462

කොරෝනා වසංගතය හේතුවෙන් මේ මාසයේ (අගෝස්තු) පැවැත්වීමට නියමිතව තිබූ විභාග 13 ක් දින නියමයක් නැතිව කල් දැමීමට කටයුතු කළ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඊයේ (08 දා) පැවසීය.

නීති විද්‍යාලයට ඇතුළුවීම සඳහා බාහිර උපාධි, විද්‍යාපීඨ අධ්‍යාපන, ගුරු විද්‍යාල ඇතුළු විභාග 13 ක් මෙසේ කල් දැමීමට කටයුතු කළ බවද හෙතෙම කීය.

මේ අතර විභාග දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක නිලධාරීන් කිහිප දෙනකුට කොරෝනා ආසාදනය වීම නිසා සාමාන්‍ය පරිදි සේවාවන් සපයා ගැනීමට ගැටලූවක් වී ඇතැයි ඒ මහතා කීය.

පසුගිය වසරේ (2020) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ උත්තර පත‍්‍ර පරීක්‍ෂා කිරීම අවසන් අදියරේ පවතින බවත් එම සිසුන්ගේ සෞන්දර්ය විෂයන්වලට අදාළ ප‍්‍රායෝගික පරීක්‍ෂණ මෙතෙක් පැවැත්වීමට නොහැකිවීම නිසා ප‍්‍රතිඵල නිකුත් කිරීම ප‍්‍රමාද වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment