මේ රටට පරිවර්තනයක් සහ විප්ලවීය වෙනසක් අවශ්‍යයි – කාදිනල්තුමා නත්තල් දේව මෙහෙයේදී පවසයි

173

අපේ රට එන්න එන්නම පිරිහෙමින් තිබෙනවා. මේ රටට විප්ලවීය වෙනසක් අවශ්‍යයි. මේ යන ගමන්මග වෙනස් කළ යුතුමයි යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ

අගදරගුරුතුමන් රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ පැවැති නත්තල් දේව මෙහෙයේදී පැවසීය.

මෙහිදී තවදුරටත් කාදිනල්තුමා මෙසේද කීය.

අපි අදහන ආධ්‍යාත්මික ප‍්‍රතිපත්ති පළමු තැනට දාලා කටයුතු කිරීම හැමෝගේම යුතුකමක්. එය පුරවැසියන්ගේ යුතුකම විතරක් නොවෙයි දේශපාලකයන්ගේත් යුතුකමයි. එහෙම කළේ නැත්නම් අපේ සමාජය හදන්න බැහැ. එන්න එන්නම අපේ සමාජය පිරිහෙමින් තිබෙනවා. මේ රටට පරිවර්තනයක් අවශ්‍යයි. විල්පවීය වෙනසක් අවශ්‍යයි. මේ යන ගමන් මාර්ගය වෙනස් කළ යුතුමයි. ඒ නිසා මේක දේශපාලන ලෝකයේ අයට බලපාන දෙයක් නොවෙයි. මේක අපි ඔක්කොටම බලපානවා.

අපි දන්නවා පාස්කු ඉරිදා ප‍්‍රහාරය. අපේ සහෝදර සහෝදරියන් 269 දෙනකුගේ ජීවිත නැති වුණා. ඔවුන්ගේ ජීවිත නැති වුණේ මොන දෙයටකද? ආගම් අතර ආරවුල් ඇති කරගෙනද? ආගම් තියෙන්නේ මිනිස්සුන්ව මරන්න නොවෙයි ආගම් තියෙන්නේ මිනිස්සු ජීවත් කරවන්න. ආගමකින් මිනිස්සු මරනවානම් ඒ ආගමෙන් වැඩක් නැහැ.

මේ පාස්කු ප‍්‍රහාරය පිටිපස්සේ කවුද හිටියේ හරියට හොයාගන්න තාමත් බැරිවෙලා තියෙන්නේ ඇයි? ආත්මාර්ථකාමය. ඒ නිසා සමාජ පරිවර්ථනයකට අප යා යුතුයි.

රාගම – රිචඞ් ඞී. සිල්වා සහ ඩික්සන් ඇන්ටනි, පමුණුගම – එස්. කේ. ජේ. කුරේරා

advertistmentadvertistment
advertistmentadvertistment