මේ වගේ ආණ්ඩුවක් කවදාවත් මේ රටේ තිබුණේ නෑ

143

– විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස කඹුරුපිටියේදී කියයි

ජනතාව ඇන්දවූ – ජනතාව රැවටූ

බලයට ඒමට පෙරත්, බලයට ආ පසුත් ආණ්ඩුව ජනතාව ඇන්දෙව්වා. බොරු කිව්වා. ජනතාව රවට්ටපු මේ වගේ ආණ්ඩුවක් කවදාවත් මේ රටේ තිබුණේ නැහැ යැයි සමගි ජනබලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

විපක්‍ෂ නායකවරයා එම අදහස් පළ කළේ මාතර කඹුරුපිටියේ පැවති ජනහමුවක් අමතමිනි. මෙහිදී තවදුරටත් කතා කළ සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීය.

මේ බල ප‍්‍රදේශයේ කිරි ගොවීන් අද අනාථ වෙලා. කිරි ගොවි කර්මාන්තය සම්පූර්ණයෙන් ම විනාශ වෙලා. ස්වයං රැුකියා ක්‍ෂේත‍්‍රය අඩපණ වෙලා. කුරුඳු කර්මාන්තය සහමුලින් ම අඩපණ වෙලා. ඒ වගේම ගඩොල් කර්මාන්තය හෝ වේවා මැටි කර්මාන්තය හෝ වේවා, වේවැල් කර්මාන්තය හෝ වේවා ගොවිතැන හෝ වේවා මේ හැම අංශයක් ම අඩපණ වෙලා. කඩා වැටිලා.

බලන්න මිත‍්‍රවරුනි, අද හැම තැනම පෝලිම්. පෙට‍්‍රල් පෝලිම්, භූමිතෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, ආහාරපාන පෝලිම්, ඇහුවම කියන්නේ මොකක්ද?. මේකට හේතුව කොවිඞ්. මේ ඔක්කොම වෙන්නේ කොවිඞ් හින්දා. කොවිඞ් හින්දා. ඩොලර් නැති වුණාලූ. හැබැයි මිත‍්‍රවරුනි, තමුන්නාන්සේලාට කෑම ටික දෙන්න, තමුන්නාන්සේලාට තෙල් ටික දෙන්න, තමුන්නාන්සේලාට ඖෂධ ටික ගෙන්වන්න ඩොලර් නැහැ. අසූචි පොහොර නැවට ඩොලර් ලක්‍ෂ 67 ක් ගෙවන්නට ඩොලර් තිබෙනවා. ඇයි අනිවාර්යයෙන් ම කාගෙ හරි සාක්කුවට මුදල් පංගුවක් යනවා. පංගු යන ඒවලට ඩොලර් තියෙනවා. අසූචි නැවට ඩොලර් ලක්‍ෂ 67 ක් තියෙනවා. හැබැයි අද ෆාමසියකට ගිහින් පැරසිටමෝල් පෙත්ත ගන්න ගියාම නැහැ. පිළිකා රෝගීන්ට බෙහෙත් නැහැ. හෘදවස්තු රෝගීන්ට බෙහෙත් නැහැ. වකුගඩු රෝගීන්ට, අක්මා රෝගීන්ට පෙනහළු රෝගීන්ට, බරපතළ ලෙස රෝගාතුරව සිටින අහිංසක ජනතාවට බෙහෙත් ටික නැහැ. එතකොට අසූචි පොහොර නැවට ලක්‍ෂ 67 ක් ගෙවන්නට ඩොලර් තියෙනවා නම් මම අහන්නේ මේ ආණ්ඩුවෙන් ඇයි බෙහෙත් ටික ගේන්න ඩොලර් නැත්තේ. ඇයි තෙල් ටික ගෙන්වන්න ඩොලර් නැත්තේ. ඇයි අත්‍යවශ්‍ය ආහාරපාන, ඖෂධ ගෙන්වන්න ඩොලර් නැත්තේ. දෙන්න මේවට උත්තර. මේ තියෙන්නේ නිවට ආණ්ඩුවක්. මේ තියෙන්නේ දුෂ්ට ආණ්ඩුවක්. ප‍්‍රශ්නවලින් පලා යන ආණ්ඩුවක්. ප‍්‍රශ්න මඟහරින ආණ්ඩුවක්. තමන්ගේ නිල නිවාසවල ඕන තරම් තෙල් තියෙනවා. ඒ. සී. එක දාගෙන අර පාර්ලිමේන්තුවට එනවා ටයිඑකයි කෝට් එකයි ගහගෙන. ඇවිල්ල නිකන් නොවෙයි අපිට මඩ ගහන්නේ කැරකි කැරකී. මහ ලොකුවට ගොවියගේ දුක කඳුළ දන්නවලූ.

කඹුරුපිටිය – පී. එල්. ජයවර්ධන,  මුලටියන – කේ. වසන්ත

advertistmentadvertistment
advertistmentadvertistment