මේ වගේ ආදරයක් ආයෙ හම්බවෙන එකක් නැහැ: නිළියන්ට පෙම් කරනවාට එයා කැමැතියි!

368

හෙයාර් ටොනික් එක වෙඩින් එක දක්වා දුරදිග ගියා…

කඩවසම් පෙම්වතෙක් ලෙස රිදී තිරය වගේම පුචි තිරය වර්ණවත් කළ අනුජ් රණසිංහ පසුගියදා යුගදිවියට එළැඹුණා. පසුගිය දවස්වල අනුජ් කසාද බැන්ද කියලත් කටකතා පැතිරුණා. ඔන්න මෙදාපාර නම් කටකතාවක් නෙමෙයි අනුජ් ඇත්තටම කසාද බැඳලා.

අනුජ් නෝනගේ විස්තරයකින්ම කතාව පටන්ගමු නේද…

ඇය නමින් යශෝධා ගුණරත්න, අපේ ආදර කතාවට අවුරුදු තුනහමාරක් වෙනවා.

යශෝධාව අනුජට මුලින්ම හම්බවුණේ කොහේදීද…

යශෝධව මට හම්බවුණේ අපේ පානදුරේ ජිම් එකේදී. එයා ඒ කාලෙ ඉඳල මගේ හොඳ රසිකාවියක්. පහුවෙලා ඉන්ස්ටර්ග්‍රෑම් හරහා මැසේජ් කරලා අපි හොඳ යාළුවෝ වුණා.

කවුද මුලින්ම ආදරෙයි කිව්වේ?

මේ වගේ ආදරයක් ආයෙ හම්බවෙන එකක් නැහැ: නිළියන්ට පෙම් කරනවාට එයා කැමැතියි!

අනේ මන්ද? ඒක මට මතකත් නැහැ. ඇත්තටම එයා මම කෙරේ කැමැත්තක් තිබුණා. ඇය සේවය කරන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් විදිහට. එයා ෆ්ලයිට් එකක ගිය වෙලාවේ මට මැසේජ් එකක් එවලා තිබුණා, එයා ජපානයේ ඉන්නේ මට මොනවා හරි ඕනෑ ද කියලා. මම කිව්වා හෙයාර් ටොනික් එකක් ගෙනැල්ල දෙන්න කියලා. ඒක ගෙනැල්ල දෙන්න ආපු වෙලාවේ තමයි ඇත්තටම හම්බවුණේ.

හෙයාර් ටොනික් එකක් ගෙනත් දෙන්න කියලා අන්තිමේ වෙඩින් එකක් දක්වා දුරදිග ගියා නේද?

ඇත්තටම හෙයාර් ටොනික් එක වෙඩින් එක දක්වා දුරදිග ගියා

යශෝධාට කැමැති වෙන්න හේතුව?

යශෝධ මට හම්බවුණෙත් මම ටිකක් මානසිකව වැටිල ඉන්න වෙලාවක. එයා මගේ ක්‍ෂේත්‍රයේ වැඩවලටත් ලොකු සහයෝගයක් ලබාදෙනවා. නිතරම මට බලකරනවා මේ දේවල් කරන්න කියලා. ඇත්තටම මම ඉන්න සමාජය එයා තේරුම් අරගෙන තියෙන්නේ.

මේ වගේ ආදරයක් ආයෙ හම්බවෙන එකක් නැහැ: නිළියන්ට පෙම් කරනවාට එයා කැමැතියි!

යශෝධා නීති දාන්නෙ නැති ද නිළියෝ ආශ්‍රය කරන්න එහෙම එපා කියලා?

අපෝ නැහැ. මගේ යාළුවො එයාගෙත් හොඳ යාළුවෝ. මම දන්න ගොඩක් නිළියෝ එයාගෙත් යාළුවෝ. සමහර වෙලාවට මට පණිවුඩයක් කියන්න ඕනෑ නිළියොත් එයාට තමයි කතා කරලා අනුජට මේ පණිවුඩය කියන්න කියලා කියන්නේ. ගොඩක් නිළියෝ මටත් වඩා එයාගෙ යාළුවෝ.

කසාදයෙන් පස්සේ යශෝධා රස්සාවෙන් අස්වෙනවාද?

නැහැ… නැහැ… එයා සුපුරුදු පරිදි එයාගේ ජොබ් එක කරගෙන යනවා. ඒවායේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ.

මේ වගේ ආදරයක් ආයෙ හම්බවෙන එකක් නැහැ: නිළියන්ට පෙම් කරනවාට එයා කැමැතියි!

ඔබේ පෙම්වතාගේ චරිතයට මොකද වෙන්නේ

අපෝ නැහැ. මම පෙම්වතාගෙන්

සමුගන්නේ නැහැ. අනික එයා කැමැතියි මම ඒ වගේ චරිත කරනවාට. එයා හින්දි චිත්‍රපට නරඹලා එහෙම කියනවා මේ වගේ ලව් ස්ටෝරි එකක් කරන්නකෝ කියලා.

බිරිඳ කැමැති ද තිරයේදී නිළියන්ට පෙම් කරනවාට….

ඔව්. එහෙම ප්‍රශ්නයක් නැහැ.

යශෝධා ඔබ රඟපෑ චරිත අතුරින් වඩාත්ම කැමැති මොන චරිතයට ද?

එයා ඇත්තටම කැමැතියි ‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටයේ රොෂාන්ගේ චරිතයට. ඒ වගේම ‘සේද මාවතේ’ චිත්‍රපටයේ චරිතයටත් කැමැතියි.

මේ චරිත හින්දද අනුජ්ටත් කැමැති වුණේ?

මේ වගේ ආදරයක් ආයෙ හම්බවෙන එකක් නැහැ: නිළියන්ට පෙම් කරනවාට එයා කැමැතියි!

මම හිතන්නෙ ‘මේ වගේ ආදරයක්’ ගොඩක් අයට හිතට වැදුණු චිත්‍රපටයක්’ මම හිතන්නේ යශෝධටත් ඒක ගොඩක් හිතට වැදුණු චිත්‍රපටයක්. අපේ වෙඩින් එක දවසෙත් අපි ඩාන්ස් කළේ ඒ චිත්‍රපටයේ ගීතයට. ඒ ආදරය තවමත් චිත්‍රපටයට තියෙනවා.

මේ වගේ ආදරයක් ආයෙත් අනුජ්ට හම්බ වෙන්නේ නැතිද?

මේ වගේ ආදරයක් ආයෙ හම්බවෙන එකක් නැහැ. ඔය හම්බවුණේ මේ වගේ ආදරයක් තමයි.

කසාදයෙන් පස්සෙ විදෙස්ගත වෙනවාද?

මේ වගේ ආදරයක් ආයෙ හම්බවෙන එකක් නැහැ: නිළියන්ට පෙම් කරනවාට එයා කැමැතියි!

එහෙම ලොකු බලපොරොත්තුවක් නැහැ. මම ලංකාවට ගොඩක් ආදරෙයි. හැමදේම එකම විදිහට තියෙන එකක් නැහැ. මේ දේවල් වෙනස් වෙයි. සිනමාවේ විතරක් නෙමෙයි ටෙලි නාට්‍යවලදීත් මාව ඉස්සරහට විවිධ චරිත හරහා දැකගන්න ලැබේවි. පෙම්වතාගේ චරිතය විතරක් නෙමෙයි දුෂ්ටයාගේ චරිත හරහා ද දැකගන්න ලැබෙයි.

අනුජ් පසුගිය දවස්වල කසාද බැන්ද කියලත් කටකතාවක් පැතිරුණා නේද?

ඔව්. එහෙම කටකතාවක් ගියා. වෙන රංගන ශිල්පිනියක් එක්ක චිත්‍රපටයක කරපු පින්තූර වගයක් එළියට ඇවිල්ලා තමයි එහෙම වුණේ. කට්ටිය රැවටිලා තිබුණා මම බැඳල කියලා. එහෙම රාවයක් ගියාට මමත් ඉතිං සද්ද නොකර හිටියා. ඒක චිත්‍රපටයට හොඳ පබ්ලිසිටියක්නේ.

යශෝධා මොනවද කිව්වේ?

යශෝධත් හිනා වෙවී හිටියේ බැන්ද කියලා ගොසිප් යනවා කියලා. එයාට ගැටලුවක් වුණේ නැහැ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment