මේ වසරට ණයවර ලිපි නිකුත් නොකිරීමෙන් ඖෂධ වර්ග 80ක් හිගයක්

436

* සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති

මෙම වර්ෂය සඳහා බෙහෙත් මිල දී ගැනීමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් බෙහෙත් වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකි වන තත්ත්වයක් උද්ගතව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මේ අනුව පිළිකා බෙහෙත් වර්ග වකුගඩු රෝග, හදවත් රෝග, ළමා රෝග ස`දහා අවශ්‍ය බෙහෙත් වර්ග, ප‍්‍රතිජීවක බෙහෙත් වැනි බෙහෙත් වර්ග ගණනාවක් මේ යටතේ හිඟවීමට නියමිතව ඇති බව ඔහු සඳහන් කළේය.

කොරෝනා වසංගතය හේතුවෙන් අනපේක්ෂිත ලෙස අතිරික්ත බෙහෙත් තොගයක් නොතිබෙන්නට මේ වන විටත් රට තුළ බරපතළ බෙහෙත් හිඟයක් ඇති වීමට ඉඩ තිබූ බව පෙන්වා දෙන කුමුදේශ් මහතා, මේ හේතුවෙන් ඉදිරිය පිළිබ`දව නිවැරදි කළමනාකරණයක් සිදු නොවුණහොත් තවත් මසක පමණ කාලයකින් රට තුළ උග‍්‍ර බෙහෙත් හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි වනු ඇති බව ද සඳහන් කරයි.

සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සඳහා බෙහෙත් ඇස්තමේන්තු සකස් කරන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වුවත් 2022 වර්ෂය සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වන තුරුත් නිකුත් වී නොතිබීම හේතුවෙන් අත්‍යවශ්‍ය බෙහෙත් ඇණවුම් කිරීමේ ක‍්‍රියාවලිය දැනටමත් මාස හතරක පමණ කාලයක සිට ප‍්‍රමාදයකට ලක්ව තිබෙන බව ඔහු අවධාරණය කරයි.

නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර බෙහෙත් මිලදී ගැනීම ආරම්භ වනුයේ අගෝස්තු මාසයේ සිට වන අතර ඒ සඳහා තෝරාගත් සමාගම් ස`දහා ණයවර ලිපි නිකුත් කළ පසු බෙහෙත් ගෙන්වීම සඳහා මාස හතරක පමණ කාලයක් වැයවන බැවින් ජනවාරි මාසය වනවිට බෙහෙත් රට තුළට ගෙන්වා ගබඩා කිරීම සිදු වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරනු ලබන දත්ත හා සැලසුම් පිළිබඳව විමසීමේදී, මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව එම අමාත්‍යාංශ නිසි අවබෝධයකින් කටයුතු කරමින් සිටින්නේ ද යන්න පිළිබඳව අවිශ්වාසයක් පවතින අතර, නිවැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීමට කිසියම් බියක් දක්වන්නේද යන්න පිළිබ`දව ද සැකයක් මතුවේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment