මේ වසරේ අයවැය නෑ!

398

ජාතික මැතිවරණ හරහට හිටී

මෙම වසර අගදී, ඉදිරි වසර සඳහා අයවැය යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඒ අනුව ලබන වසර (2025) මුල් මාස කිහිපය සඳහා බොහෝ විට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් වෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මෙම වසර (2024) අගදී ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර එමඟින් හත්වන නව ජනාධිපතිවරයා හෝ නව ආණ්ඩුවට ඔවුනගේ ප්‍රතිපත්ති මත අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීමට අවශ්‍ය බැවින් අයවැය යෝජනාවලියක් ඉදිරිපත් නොවනු ඇතැයි යන්න දේශපාලන මතය වේ.

මේ අතර ජාතික මැතිවරණ පැවැත්වීමට සහ එමඟින් ආණ්ඩු මාරුවක් සිදුවිය හැකි බැවින් අයවැය යෝජනාවලියක් ගෙන ඒමට හැකියාවක් නැතැයි ඉහත කී මුදල් අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.

මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නැතත් ඉදිරි මාස සඳහා අයවැය යෝජනාවලියක් මෙම වසර අග ඉදිරිපත් කිරීමට ප්‍රායෝගික ලෙස බාධා මතුවනු ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment