මේ වසරේ ආ සංචාරකයෝ

243


මේ වසරේ අප්‍රේල් 16 දින දක්වා ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් 392,081 ක් පැමිණ ඇත.
මේ වසරේ ජනවාරි මාසයේ දී විදෙස් සංචාරකයින් 102545 ක් ද පෙබරවාරි මාසයේ දී 107639 ක් සහ මාර්තු මාසයේ දී 125495 ක් සහ අප්‍රේල් 01 සිට අප්‍රේල් 16 දින දක්වා කාලපරිච්ඡෙදය තුළ දී විදෙස් සංචාරකයින් 56,402 ක් ද වශයෙන් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වර්තාවක සදහන් වේ.
අප්‍රේල් 01 සිට අප්‍රේල් 16 කාලපරිච්ඡේදය තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එය 9,554 කි. මීට අමතරව රුසියාවෙන් 8,138 ක්, එක්සත් රාජධානියෙන් 5,185 ක් සහ ජර්මනියෙන් 5,056 ක් ලෙසින් එම කාලපරිච්ඡේදය තුළ දී වැඩි වශයෙන් සංචාරකයින් පැමිණි රටවල්ය.

advertistmentadvertistment
advertistmentadvertistment