මේ වසරේ  ඉතිරි කාලයට  අතුරු අයවැය  අද මැතිසබයට

180

මෙම මුදල් වර්ෂයේ (2022) ඉතිරි කාලය සඳහා වන අතුරු අයවැය ලේඛනය අද (30දා) ප.ව. 1.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.

මෙම අයවැය දෙවන වර කියවීමේ සමාරම්භක දේශනය අද ප.ව.1.00 සිට ප.ව.2.00 දක්වා ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට නියමිතය.

රට මුහුණ දී ඇති ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ අනවශ්‍ය සහ හදිසි නොවන සියලු රාජ්‍ය වියදම් සීමා කිරීමට සහ බිඳ වැටී තිබෙන රාජ්‍ය බදු ආදායම නංවා ගැනීමට අදාළ යෝජනා මෙම අතුරු අයවැයෙන් ඉදිරිපත් වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් ‘දිවයින’ට වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව නව රජයක් වශයෙන් 2022 මුදල් වර්ෂයේ ඉතිරි කාලය සඳහා මෙම වසරට, ගිය වසරේ (2021) නොවැම්බර් මස සම්මත කරගත් විසර්ජන පනතට සංශෝධනයක් වශයෙන් මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලබයි.

මේ අනුව රු.බිලියන 2796.4 ක්වූ මේ වසරේ (2022) ඇස්තමේන්තුගත අමාත්‍යාංශ සේවා වියදම රු.බිලියන 3275.8 ක් දක්වා රු.බිලියන 929.4 කින්ද, රජයේ ණය සේවාකරණ වියදම රු.බිලියන 2623 සිට රු.බිලියන 2901 ක් දක්වා වැඩි කිරීමටද නව විසර්ජන පනතින් සැලසුම් කර ඇත.

2022 වසර වෙනුවෙන් කලින් අනුමත වූ විසර්ජන පනත යටතේ වූ මුදල් ඒ ඒ අමාත්‍යාංශයන්හි නිශ්චිත ශීර්ෂ යටතේ දක්වා ඇති වැඩසටහන්වලට වෙන්කර ඇති මුදල් වියදම් කර අවසන් කර නොමැති බැවින් ඒ මුදල්ද මේ නව සංශෝධනය යටතේ තවදුරටත් වියදම් කිරීමටද විසර්ජන පනතින් බලය ලබාදී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment