මේ වසරේ දැනට ලාදුරු රෝගීහු 1200ක්

205

මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට ඊයේ (30දා) දක්වා කාලය තුළ මෙරටින් ලාදුරු රෝගීන් 1200කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය අනාවරණය කළේය.

වාර්තා වී ඇති සමස්ත ලාදුරු රෝගීන් අතුරින් 400දෙනකු බස්නාහිර පළාතෙන් සොයාගෙන ඇතැයි එම ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය, ප්‍රසාද් රණවීර මහතා ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය. වාර්තා වී ඇති සමස්ත ලාදුරු රෝගීන් අතුරින් ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 14%ක් වන බවද වෛiවරයා සඳහන් කළේය.

කොළඹ, ගම්පහ, කළුතර සහ කොළඹ නගර සභාව ඇතුළු බස්නාහිර පළාතෙන් ද මෙලෙස ලාදුරු රෝගීන් වාර්තා වී ඇතැයි විශේෂඥ වෛi, ප්‍රසාද් රණවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment