මේ වසරේ නැව් ගාස්තු සියයට 188 කින් නැගලා

163

මේ වසරේ (2021) මුලසිට මේ දක්වා ගෝලීය නෞකා ප‍්‍රවාහන ගාස්තු සියයට 188.8 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මේ නිසා ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේම ආනයනික භාණ්ඩ මිල ගණන් තවදුරටත් ඉහළ යෑමේ තත්ත්වයක් මතුව ඇතැයි වෙළෙඳපොළ නියෝජිතයෝ ප‍්‍රකාශ කරති.

ගෝලීය බහාලූම් දර්ශකයට අනුව මේ වසර මුල පැවැති බහාලූමක ප‍්‍රවාහන ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 3452 සිට ගිය සතිය වන විට ඇමෙරිකානු ඩොලර් 9949 දක්වා ඉහළ ගොස් තිබේ.

නෞකා ගාස්තු ඉහළ යෑම නිසා ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑමට අමතරව එම අතිරේක වියදම්ද ඉහළ යෑමෙන් භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යන බවද එම වෙළෙඳපොළ නියෝජිතයෝ පෙන්වා දෙති.

පසුගිය කාලයේ මෙරටට ආනයනය කරන ලද ගෑස් සහ කිරිපිටි මිල ගණන් වැඩිවීමට මෙම නැව් ගාස්තු වැඩිවීමද සෘජුවම බලපා ඇතැයි ද වෙළෙඳපොළ නියෝජිතයෝ තවදුරටත් පවසති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment